ඉබි ටීටරේ

ජූනි 29, 2010 at 3:55 පෙ.ව. (පොදු)

ඉබ්බට හිතුනා ඉබ්බා බලපු ලස්සන ලස්සන ටීටර්(මතකද ඉස්සර සිරසෙ හිටපු  ටීටර් සිංඤ්ඤො 😀 ), එහෙමත් නැත්තං චිත්තරපටි, එහෙමත් නැත්තං සිංහලෙංම කියනවානම් ෆිල්ම්ස් ගැන ඉබ්බට හිතෙන හැටි කොහේ හරි ලියන්න ඕනෙ කියලා.ඉබ්බා ඉතිං මහා ලොකු විචාරකයෙක් නම් නෙවෙයි. සාමාන්‍ය පුර වැසියෙක්.ඉබ්බ තම තම නැණ පමණ තමා මේවා ලියන්නේ.ඉබ්බගෙ මත වාද තව කාගෙවත් ඇඟේ බලෙං පටවන්නවත්, වාද විවාද කරන්නවත් ඉබ්බගෙ අදහසක් නෑ.අනිත් අයගේ සාධාරණ මත ප්‍රකාශ දැන ගන්න නම් ඉබ්බා කැමතියි.එතකොට ඉබ්බටත් අළුත් අළුත් දේවල් දැනගන්නට ලැබෙනවනෙ.

මේ වැඩේට වැඩියම පෝර වැටුනේ බූන්දි එකේ තිබුන ලිපියක් නිසා. ඉබ්බත් කාලෙං කාලෙට එකේක ජාතියේ චිත්තරපටි බලනවා. හින්දි ඒවා, දෙමළ ඒවා, ඉංග්‍රීසි ඒවා, සිංහල ඒවා, පරණ ඒවා, අළුත් ඒවා, සම්භාව්‍ය ඒවා, මල් මල් ඒවා, චාටර් ඒවා, මෙලෝ රහක් නැති ඒවා, ඇනිමේෂන්, ඔය මෙකී නොකී ඔක්කොම ඒවා කාලෙං කාලෙට බලනවා. දැං නම් වැඩිපුරම ඩවුන්ලෝඩ් කරලා තමා බලන්නේ. ඉබ්බා ඩවුන්ලෝඩ් කරලා, ඒවා ඩී වී ඩී ප්ලේයර් වල බලන තත්වයට පත් කරලා ඉංග්‍රීසි හරි සිංහල හරි සබ්ටයිටල්ස් දාලා, රී රයිටබල් ඩී වී ඩී එකක් හොයාගෙන ඒකෙ ලියලා ටී වී එකේ බලන්න එක තමා ඉබ්බගෙ මේ දවස් වල රාජකාරිය. කීප දෙනෙක්ම ඉබ්බගෙං ඇහුවා මේ වැඩ ටික කරගන්න ලේසි ක්‍රමයක්.රටේ ලෝකෙ තියන ඔක්කොම වගේ වීඩියෝ එඩිටිං සොට්ටෙයාර් ටික ට්‍රයි කරලා ඉබ්බගේ වැඩ ටික කරගන්න සොට්ටෙයාර් රොත්තක් ඉබ්බට හම්බුනා.ඕගොල්ලෝ සමහර අය නම් මේවා ගැන ඉබ්බට වඩා හොඳට දන්නවා ඇති.ඉබ්බා මේවා ටික ගැන ඔක්කොටම කලිං ලියන්නයි ඉන්නේ.එතකොට දන්න කට්ටියට පුළුවන්නෙ මදි පාඩු හදන්න.

ආ…ට්‍රැක් එක පැන්නද මන්දා.ඉබ්බා අර ඉස්සෙල්ලා කියපු බූන්දි එකේ ලිපිය නිසා ඉබ්බට අළුත් මානයක් හම්බුනා.ලස්සන ෆිල්ම් කීපයක්ම බැළුවා.ඒවා ඉතිං ලංකාවේ සාමාන්‍ය ජනතාවට කවදා බලන්න ලැබෙයිද මන්දා.ඕගොල්ලන්ට මතකද ඉස්සර අපි පොඩි කාලෙ රූපවාහිනියේ ගිය පුංචි ඇත්පැටියයි, අර ඉත්තෑවගේ කතාවයි. කොච්චර ලස්සනද.අන්න ඒ කොලිටියේ චිත්තරපටි කීපයක් ඉබ්බා මේ ළඟදි බැළුවා.ඉතිං නිකමට හිතුනා තව කට්ටිය කැමති වෙයි කියලා ඒවා බලන්න.බූන්දිගේ ඔක්කොම ලිපි වලට ඉබ්බා එකඟ නෑ.ඒත් මේ උදවුවටනං බොහොම ස්තූතියි.

ඉබ්බා තවත් විස්තර හොයාගන්න ක්‍රමයක් තමා ඉතිං විකිපීඩියාව.වැඩ නැති වෙලාවට ඉබ්බ විකියේ පිටු ගැනලා ගැනලා දැං ඒකෙත් කියවන්න දෙයක් නැද්ද මන්දා.හිහ්…ඉබ්බා චිත්තරපටි ගැන ලියනකොට ඒකට ක්‍රොස් ලින්ක්සුත් දාන්නං.වෙන මහත්තැං හොයාගත්තු දේවල් ඉබ්බා තනියෙං හොයා ගත්තා වගේ දාන්න හොඳ නෑ නොවැ.ඉබ්බත් හිටි ගමං නයා පාරවල් අරිනවා 😛 . ඒ වුනාට පුළුවංතරං නයා මල්ලෙම තියා ගන්න තමා ඉබ්බගෙ ට්‍රයි එක.ගනංගන්න එපා.පෘථග්ජනයෝ නොවැ 🙂 .

එහෙනං අවස්ථාවක් ලැබුන ගමං අර ටූල්ස් ටික ගැන ලිපිය දාලම වැඩේ පටං ගන්නම්.වෙලාව තියනවානං මේ පැත්තේ ඉඳලා හිටලා ඇවිත් යන්න 🙂 .

ප්‍රතිචාර 8

  1. RanDil said,

    වැඩේ නම් හොඳයි මලේ. හැබැයි සමනල තටු ආපු ඉබ්බාව කියවන්න ලැබෙන එකක් නැද්ද ආයෙත්?

  2. blog gadol said,

    ඉබ්බා අලුත් වැඩකට බැහැල වගේ! මොකද, සමනල තටු එපාවුණාද?? ඒකත් දිගටම කරන් යන්න.ඔන්න මේ බ්ලොග් එකටත් අපේ සුභ පැතුම්!!

  3. සු said,

    කවදද ඉතිං පටන්ගන්ෙන් ලියන්න ? කියවන්න කැමතිම මාතෘකාවක් ගැන ඉබ්ෙබක් ෙනෙවයි ෙමාන ජාතිෙය න් හරි ලියනවානම් ෙලාකු ෙදයක්. සතුටුයි … ඉක්මනට ලියාෙගන ලියාෙගන යන්න.

  4. වැප් said,

    ඇ එතකොට මේ අර ඉබ්බමද? …. හේ හේ එහෙනම් ෆන් ලෝකයක් වෙයි හිකිස්

  5. tharindu said,

    ඕක ඉක්මනට ලියල දාන්න.

  6. RanDil said,

    ම්ම් ………… හැරෙන තැපෑලෙන් නේද? 😦

    හොඳයි එහෙනම් අනිත් ලිපියට කොමෙන්ට් දාන්නේ නැහැ නැහැ නැහැමයි……………….

    ඒකත් මේකෙම දානවා 😀

    ඒ ලිපිය හරි වටිනවා මලේ ටොරන්ට් ගැන දන්නේ නැති ‍ගොඩාක් දේවල් දැන ගත්තා

    • ඉබ්බා said,

      හී…හී… 😛 ඉබ්බො නහින්නෙත් කට හින්දද මන්දා?

      කට්ටිය කියනවා ටොරන්ට් නිකං ග්ලෝබල් ෂෙයාර් එකක් වගේ හින්දා සිකියුරිටි ත්‍රෙට් එකක් තියනවා කියලා.ඉබ්බ නං ඒක ගැන වැඩිපුර හොයලා නෑ.මොකද පාවිච්චි කරන්නෙම නෑ වගේනෙ.පාවිච්චි කළත් ඉතිං ඉබ්බගෙ මැෂිමෙ ඔය කියන තරං වටින මුකුත්ම නෑනෙ සිකියුරිටි ත්‍රෙට් එන්න.ඉබ්බගෙ මැෂිමෙ රත්තරං, රිදී ස්ටෝර් කරන්න බෑ 😛 . ඒක නිසා හොඳට ගියා.නැත්තං හෙම ඉබ්බ දං වැලකිං ගැටගහපු යකඩ ඉබ්බෙකුත් දාලයි නවතින්නෙ 😀 .

blog gadol වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න