දෙවියන්ගේ දරුවෝ – Children of Heaven

ජූලි 14, 2010 at 3:24 ප.ව. (Drama) (, , )

හප්පා…ලියන්න හිතං හිටිය මාතෘකාවට ඕනෙ අටුවා ටීකා ටික යාන්තං ලියලා ඉවර වෙලා මේ දැනුයි ඕන වුන එක ලියන්න යන්නෙ.හිහ් හිහ්… 😀 ශ්‍රී ලාංකීය අනන්‍යතාව තියාගන්නත් එපෑ. මේවා ඉතිං විචාර කිවුවට විචාරමත් නෙවේ.මගේ මොළේට තේරෙන තරම තමා ඉතිං. මේ දවස්වල ඉබ්බ බලන්නෙ ප්‍රධාන එහෙමත් නැත්තං ජනප්‍රිය ධාරාවෙන් පොඩ්ඩක් පිට තියන ෆිල්ම්.ඉබ්බට මෙහෙම කරන්න හේතු වුනේ ජනප්‍රිය ෆිල්ම් බලලා බලලා එපා වීමම තමා.එක ආරක ෆිල්ම් දිගටම බලලා එපා වෙන නිසා දැං ඉබ්බා එකේක ජාතියේ ෆිල්ම් බලනවා.මේ වැඩේට ආසන්නතම උදවුව වෙලා පාර කැපුනේ බූන්දි එකේ තිබුන හොඳ ලිපියක් නිසා.ඒක තිබ්බේ චිත්‍රපටියක් ගැන වගේ තමා මතක.එතනිං වචන ටිකක් අහුලගෙන සුපුරුදු පරිදි විකිපීඩියාව මස් කළාම තව ගොඩාක් ෆිල්ම් සහ විස්තර ලැබුණා.එහෙම තමා මේ එකේක ෆිල්ම් ජාති බලන්න ඉබ්බා සෙට් වුනේ.හැබැයි ඉතිං යාළුවොත් සුපුරුදු පරිධි වෙනස් වෙනස් ෆිල්ම් දෙනවා 🙂 .ඉබ්බා බලනවට වඩා වෙනස් විධි වල  ඩ්‍රාමා ෆිල්ම් කිරි ඉබ්බිත් හරි හරියට උස්සං එනවා. ඇයි කාර්ටූන්? ඒවත් ඉතිං කිරි ඉබ්බිම තමා ගේන්නෙ.මේ මදෑ කෝට්ටෙ ගියා.එහෙනං ෆිල්ම් එකක් ගැන කියන්නම් නේද?

මේ ෆිල්ම් එක ඉරානියන් ෆිල්ම් එකක්.නම තමා දෙවියන්ගේ දරුවෝ(Children of Heaven).හදලා තියෙන්නෙ මජිඩ් මජිඩි කියන අධ්‍යක්ෂකවරයා 1997දි.දෙබස් තියෙන්නෙ පර්සියන් භාෂාවෙං.1998දී මේක විදේශීය භාෂාවකින් හැදුන හොඳම චිත්‍රපටියට හිමි ඇකඩමි සම්මනයට නිර්දේශ වෙලා තියනවා.මේ ෆිල්ම් එක අභිබවා ජයග්‍රහණය කරපු ලයිෆ් ඊස් බියුටිෆුල් ෆිල්ම් එකත් තවත් ලස්සන ෆිල්ම් එකක්. ඒක ගැනත් ඉබ්බ ලියන්නයි ඉන්නෙ 🙂 .

ඕගොල්ලන්ට මතකද අර ඉස්සර(ඉබ්බා පැටියා කාලෙ 😛 ) රූපවාහිනියේ ගියා පුංචි ඉත්තෑවයි, පුංචි ඇත් පැටියයි කියලා හරිම ලස්සන ළමා ටෙලි ෆිල්ම් 2ක්.ඒක මං හිතන්නෙ ජපානෙ එන් එච් කේ එකෙං ලැබුනු ඒවා වෙන්න ඕනෙ.ඒවා කොච්චර ලස්සනද?මේ ෆිල්ම් එකක්ත් ඕල්මෝස්ට් ඒ ගොඩට වැටෙනවා 🙂 .

කතා නායකයා අවුරුදු 9ක් වයස අලී.අලී එක්ක කතාව පුරාවටම රැඳිලා ඉන්නෙ අලීගෙ අවුරුදු 6ක නංගී සාරා.මුළු කතාවම ගෙතිලා තියෙන්නෙ සපත්තු කුට්ටමක් නිසා පුංචි ලෝකයක ඇති වෙන පෙරළියක් ගැන.මජීඩ් මජිඩි අධ්‍යක්ෂකවරයා බොහෝම කල්පනාවෙන් සිදුවීම ගලාගෙන යන විධියට සුමටව අමුණලා තියනවා.පරස්පර විරෝධී සිදුවීම් නොදුටු තරම්.ඉරානයේ ජන සමාජය, සිතුම් පැතුම් ආදිය ගැන වටිනා අවබෝධයක් ප්‍රේක්ෂකයාට දෙන්න ඔහු සමත් වෙලා තියනවා.විශේෂයෙන්ම පුරුෂාධිපත්‍යටත් දැඩි ආගමික දේශපාළනික නීති සහ හර පද්ධතියකට නතුවී පීඩිතව තිබෙනවා යයි බටහිර රටවල් හෙළාදැකීමට භාජනය කරන ඉරානය ඉන් ඉහළට ඔසවා තබන්නට අධ්‍යක්ෂකවරයා හොඳ උත්සාහයක් ගෙන තිබෙනවා.එම උත්සාහය සාර්ථක වග පෙනෙන්නේ ඔහුට මෙවැනි චිත්‍රපටයක් සෑදීමටත් එය ජාත්‍යාන්තර චිත්‍රපට උළෙලවල් වලට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම සහ මානසිකත්වයක් තිබීමම එයට සාක්ෂියක් වීමයි.

ඉරානයේ දියුණු නගර, ඒවා ආසන්නයේ නාගරික කුළී පැල්පත් වල අමාරුවෙන් දිවි ගෙවන දුප්පත් ජනතාව, ඔවුන්ගේ සිතුම් පැතුම්, නාගරික ධනවත් ප්‍රජාව, කොටිංම සම්පත් අඩු දුප්පත් ඉස්කෝල, සුඛෝපභෝගී පාසල් වලට යන චීස් බෝල වගේ ළමයි පවා සුළු සුළු කොටස් වල පෙන්වීමෙන්ම අධ්‍යක්ෂකවරයා ඉරාන සමාජ විෂමතාව ඇතුලු රටේ ස්වභාවය ගැන හොඳ හෙළිදරවුවක නිරත වෙනවා.

ඊට අමතරව දහසකුත් අඩු ලුහුඬුකම් මැද ජීවත් වෙන කුඩා දරුවන් දෙදෙනා තමන්ගේත් තම පවුලේත් අමාරුකම් හොඳින් වටහාගෙන ක්‍රියා කරන ආකාරය මේක බලන පොඩි ළමයි කාට වුනත් හොඳ ආදර්ශයක් සපයනවා.විශේෂයෙන්ම පොඩි ළමයින්ව අභව්‍ය සීනි බෝල ලෝකයක අතරමං කරන්න හදන අවදියක පොළවේ පය ගහලා ජීවත් වෙන්න කියලාදෙන ෆිල්ම් එකක් හම්බු වෙන්නෙත් බොහොම කලාතුරකින්නෙ.දුක් කම්කටොළු නැති ළමයි වුනත් මේ වගේ එකක් බලලා ලෝකෙ මෙහෙමත් වෙනවා කියලා මානුෂික හැඟීම් ඇති කරගන්නවනම් අනාගතයේදි අදට වඩා මනුස්සකං දන්න පිරිසක් බිහි වෙන්න ඉඩ තියනවා(කොහෙද ඉතිං ටී වී එක දැම්මොත් අර ස්ටාර් මේ ස්ටාර්, බට්ටි, පබා, මහ ගෙදරනෙ තියෙන්නෙ.කාර්ටුන් කියලත් තියෙන්නෙ අනුන්ට හිංසා කරන යක්කු වගේ අප්සට් මානසිකත්ව තියන හප්පො ඉන්න ඒවනෙ.කිරි ඉබ්බි තමා මේ වග ඉබ්බටත් පෙන්නලා දුන්නෙ 🙂 ).

අලීගෙයි සාරගෙයි චරිත වලට පණ දෙන කුඩා නළු නිළි යුවලගේ රංගනයත් බොහොම ඉහළ තලයක තියනවා. ෆිල්ම් එක සිදුවීමෙන් සිදුවීම සාකච්ඡා කරන එකනං ඉබ්බා හිතලමයි මග ඇරියෙ.කුතුහලය තියනවට කැමති අයත් ඉන්නවනෙ. ඉබ්බ මේක ඉන්ටර්නෙට් එකෙං තමා ඩවුන්ලෝඩ් කළේ.මේකට ඉබ්බා හදපු සිංහල සබ්ටයිටල් ෆයිල් එකකුත් තියනවා.හැබැයි ඒකට යුනිකෝඩ් සබ්ටයිටල් සපෝර්ට් කරන කේ එම් ප්ලේයරේ වගේ එකකුත් බාගන්න වෙයි.නැත්තං ඩී වී ඩී ෆ්ලික් එකට දීලා සබ්ටයිටල් ඩී වී ඩී එකකට අමුණගන්න. එතකොට නං ඔය කොයි ප්ලේයරෙත් සිංහලෙං සබ්ටයිටල් පේනවා.වෙලාව තියනවනං මේක බැළුවට පාඩු වෙන එකක් නෑ.හැබැයි විඩාව නිවා ගන්න පාවිච්චි කරන්න පුළුවං ෆැන්සි ෆිල්ම් එකක් නං නෙවෙයි.ඩ්‍රාමා වලට කැමති නං මේක සුපර්බ්.

සිංහල සබ්ටයිටල් ෆයිල් එක ඕනෙ නං ඉබ්බට මේල් එකක් දාන්න. ibikatha@gmail.com 🙂

Permalink ප්‍රතිචාර 4

ෆිල්ම් මස් කිරීමට ඌණ පූරණයක්

ජූලි 10, 2010 at 11:04 ප.ව. (පොදු) (, , )

ඉබ්බට මෙතන ලියන්න ඕනෙ කම තියෙන්නෙ ඉබ්බා බලපු ලස්සන, කැත, හොඳ, නරක (ඉබ්බගෙ දැනුමෙ තරමට තමා ඉතිං. වෙලාවකට හිතෙනවා කට්ටියගෙං ලුණු ඇඹුල් ඇතුව අහ ගන්න වෙයිද කියලත්. හිහ්… 😀 ) ෆිල්ම් වුනාට තාම එකක් වත් ලියාගන්න බැරි වුනා.ෆිල්ම් ගැන ලිවුවට වැඩක් තියනවායැ අනික් අයට ඒවා නිදහසේ, නිවාඩු පාඩුව බලලා රස විඳින්න, ගුණ දොස් දකින්න බැරි නං. ඒක නිසා තමා ඉබ්බ හිතුවේ බැක්ග්‍රවුන්ඩ් එක හදන්න දන්න කියන ටිකවත් මෙතන ඇදබෑවොත් හොඳයි කියලා 🙂 . ඔන්න ඉබ්බා ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන තැන ඉඳලා ඒවා බලන ප්ලේයර්ස්, කොඩෙක්, සබ්ටයිටල් එඩිටිං, ඩී වී ඩී වලට කන්වර්ට් කරළා බර්න් කරන හැටි එහෙමත් කළිං ලිපි වල ලිවුවා.ඒවා කාට කාට හරි ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා ඉබ්බා හිතනවා. වරින් වර ඉබ්බා බලන්න ආපු යාළුවෝ තව ගොඩාක් වැදගත් විස්තරත් කමෙන්ට් වලිං එකතු කරලා තිබ්බා. ඔක්කොමල්ලට ස්තූතියි.දිගටම උදවු බලාපොරොත්තු වෙනවා.වෙලා තියනකොට මේ පැත්තේ ඇවිත් යන්න.

ඔන්න ප්‍රොෆෙෂනලි වීඩියෝ එඩිටිං කරනවා නං පාවිච්චි කරන්න පුළුවං සොට්ටෙයාර් එකක් කියන්නයි ඉබ්බා යන්නෙ. මේකෙ නම තමා Pinnacle Avid Liquid .ඉබ්බ බැඳලා වෙඩින් වීඩියෝව ගේන්න ගියා.වීඩියෝග්‍රැෆර් පොඩ්ඩක් එහාට ගිය ගමං ඉබ්බයි කිරි ඉබ්බියි දඩ බඩ ගාලා ටූල් එකේ නම බලා ගත්තා.මේක හැබැයි ප්‍රොප්‍රයටරි එකක්.ඉබ්බ නං දඟලලා දඟලලා බා ගත්තා 🙂 .හොයාගන්න ටිකක් අමාරු වුනා හැබැයි.මේවා මෙහෙම කියලා ලංකාවේ වීඩියෝග්‍රැෆර්ස්ලගේ රස්සාවටත් කෙළවෙයිද දන්නෙ නෑ 😛 .ඒකෙ ෆීචර්ස් අම්බානක් තියනවා.හැබැයි ටිකක් හොඳ මැෂිමක් ඕනෙ.ටිකක් බරයි.

ඉබ්බයි කිරි ඉබ්බියි මේ වැඩේ ෆොටෝග්‍රැෆර්ටත් කළා.ෆොටෝග්‍රැෆර්ස්ලා ලයිට් සහ කලර් බැලන්ස් කරන්නෙ Adobe Light Room වලිං.ඒකෙං තමා ෆොටෝ එකක දිග පළල වුනත් හදන්නෙ.ඊට පස්සෙ ඉබ්බගෙයි කිරි ඉබ්බිගෙයි වෙඩිං ඇල්බම් එක ස්ටෝරි බුක් කරළා ලේයවුට් දාලා හදා ගත්තෙ Adobe Photoshop වලිං ඉබ්බයි කිරි ඉබ්බියි මයි.කිරි ඉබ්බිට ඉතිං කලාව ටිකක් පිහිටලා තියෙන්නෙ 🙂 .ඉබ්බට නං පොඩ්ඩයි පිහිටලා තියෙන්නෙ.යන්තං ජාමෙ බේරගතෑකි 😛 .මේ දෙකත් ඉතිං සල්ලි වලට තමා ගන්න වෙන්නෙ.ටිකක් කට්ට කෑවොත් නොමිලෙම බාගන්නත් පුළුවං.

එහෙනං ඉතිං ඔන්න හා හා පුරා කියලා ඊළඟ ලිපියෙං ඉබ්බා විචාර ලියන්න පටං ගන්නයි යන්නෙ.ගැටළු තියනවනං අහන්න.දන්න විදියට සපෝර්ට් එකක් දෙන්නං.ඉබ්බ දන්නෙ නැති වුනත් දන්න යාළුවෝ උදවු කරයි 🙂 .

ප. ලි. තව පොඩී කෑළි කීපයක් ඉබ්බට මිස් වුනා. ඉබ්බ හොයා ගන්නම බැරිනං ඔය ස්ට්‍රීම් කරන සයිට් වලිනුත් ෆිල්ම් බානවා. යූ ටියුබ් එකෙනුත් පුළුවං. හැබයි ඉතිං කොලිටි තමා ප්‍රශ්නෙ 😦 .ඒකට බ්‍රවුසරේටම එන සොතින්ක්ලගේ ප්ලග් ඉන් එකක් තියනවා.මේක ෆයර්ෆොක්ස් මොසිලටයි අයි ඊ වලටයි දෙකටම තියනවා.ක්‍රෝම් වලටත් හදලද දන්නෙ නෑ.ඒක දා ගත්තම ස්ට්‍රීම් එකක් දුවනකොටම කැප්චර් කරන්න පුළුවන්නං බ්‍රවුසරේට ඇඩ් වෙච්ච බට්න් එකක් බ්ලින්ක් වෙනවා.ඒක උඩ ඔබලා සේව් කරගන්න පුළුවං.සමහර වීඩියෝස් තියනවා ස්ට්‍රීම් කළත් හොඳ කොලිටි ඒවා. සමහර ඒවා නම් ලොකු කළාම කොටු පේන්න ගන්නවා.මේවා ගොඩක් විට එෆ් එල් වී හැටියට තමා කැප්චර් වෙන්නෙ. ඔය ගූගල් එකේ ගහලා ඕනෙ තරං එෆ් එල් වී වෙන ෆෝර්මැට් වලට කන්වර්ට් කරන කන්වර්ටරුයි කෑලි අමුණන සොට්ටෙයාරුයි හොයාගතෑකි.

වීඩියෝ ෆයිල් වලට තව වැඩකෑළි දාන්න පුළුවං ටූල් එකක් තමා වර්චුවල් ඩබ්(Virtual Dub).ඒකෙං පුළුවං ඔය කොලිට්ය් ටිකක් වැඩි කරන්න, වෙනම තියන සබ්ටයිටල් වීඩියෝ ස්ට්‍රීම් එකටම අමුණන්න(embed) වගේ ජාති.ඉබ්බ නං එච්චර මේක පාවිච්චි කරළා නෑ.ඒත් ඔය ෆෝරම් වල ඕනෙ තරං විස්තර තියනවා.

Permalink ප්‍රතිචාර 8

ඩී වී ඩී ෆිල්ම් බර්න් කිරීම

ජූලි 10, 2010 at 10:29 ප.ව. (පොදු) (, , , , , )

ඉබ්බා අද ලියන්නේ ඩී වී ඩී එකක් රයිට් කර ගන්න පුළුවං විදියක්.එහෙමත් නැත්තං තේරෙන භාෂාවෙං ඩී වී ඩී එකක් බර්න් කරගන්න විදියක්. මේකට ඉතිං අපේ කොන්තීටරේ ඩී වී ඩී බර්නරයක් තියෙන්න ඕනෑ. තියෙන්නෙ කොම්බො ඩ්‍රයිව් එකක් හරි වී සී ඩී බර්නරයක් හරි නං, වී සී ඩී බර්න් කරගන්න ගැටළු තියනවනං කමෙන්ට් එකක් දාන්න. ඉබ්බා හොයලා ලිපියක් දාන්නං 🙂 . ළඟදි නං ඉබ්බා වී සී ඩී එක්ක ඔට්ටු වුනේ නෑ. ඉස්සර නං ටිකක් වැඩි වෙන්න ඔට්ටු වුනා.

ඉබ්බා ඩී වී ඩී බර්න් කරන්නෙ කොයොටේ සොෆ්ට්ලගේ ෆ්‍රී ඇන්ඩ් ඊසි බර්නර්(Free and Easy Burner) සොට්ටෙයාර් එකෙං. මේක මේ ෆ්‍රී අයිටම් එකක්.ඉන්ස්ටෝල් කර ගත්තට පස්සෙ ඕපන් කළාම ඔය පහළ තියනවා වගේ වින්ඩෝ එකක් ඕපන් වෙයි.ඒකෙ උඩම මෙනු එකේ ඩේටා සී ඩී – ඩී වී ඩී, ඩී වී ඩී වීඩියෝ ආදී වශයෙන් සිලෙක්ට් කරන්න පුළුවං.මේක ඕපන් කරලා ඩී වී ඩී එක රොම් එකට දැම්මම මෙයා ඔටෝ ඩිටෙක්ට් කරනවා.ඉබ්බ නං කරන්නෙ රී රයිටබල් ඩී වී ඩී එකක් අරගෙන ඒක ඉරේස් කර කර රයිට් කර කර ෆිල්ම් බලනවා.ඉබ්බා ගාව තියනවා තාම හොඳට දුවන අවුරුදු 4කටත් වඩා පරණ රී රයිටබල් ඩී වී ඩී එකක්.තාම වැඩ.හැබැයි හුවමාරු කර ගන්න ගියොත් නං දෙපාරයි තුං පාරයි.කට්ටිය හූරනවනෙ.විනාසකාර ලෙස බඩු පාවිච්චි කරන වග අනෙක් අයට ඒත්තු යන විදියට හැසිරෙන එකත් සමහරුන්ට ක්‍රෙඩිට් එකක් හැටියට පේනවනෙ 🙂 .අනේ කාළේ වනේ වාසේ කිවුවලු.කොහොම කොහොම හරි කතාව පිට ගියාද මන්දා.රී රයිටබල් එක ඉරේස් කරගන්න පුළුවං ඔය වින්ඩෝ එකේ පහළ හරියට වෙන්න තියන ඩිස්ක් එකයි කතිරෙයි තියන බොත්තම එබුවම.

අපි හිතමු ඔය උඩම මෙනු එකේ ඩී වී ඩී වීඩියෝ කියන බොත්තම එබුවා කියලා.එතකොට ෆෝල්ඩර් 2ක් පෙන්නයි AUDIO_TS සහ VIDEO_TS කියලා. ඒකෙ VIDEO_TS ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න.ඊට පස්සෙ යන්න අර කලිං ලිපියේ කියපු විදියට හදා ගත්ත ලෝකල් මැෂිමෙ තියන ඩී වී ඩී එකට.එතනත් මේ ෆෝල්ඩර් 2කම ඇති.එතනත් VIDEO_TS ඩබල් ක්ලික් කරලා ඒක ඇතුලෙ තියන ෆයිල් ටික ඇදලා දාන්න අපේ ටූල් එකේ ලෑස්ති කරපු තැනට(ඔක්කොම වොබ්, අයි එෆ් ඕ ආදී ෆයිල් දාන්න).දැං හරි.ඊට පස්සෙ ඔය වම් පැත්තෙ ඇති ඇක්ෂන් කියලා මෙනු එකක්.ඒකෙ බර්න් ඔබන්න.තව සෙටිංස් වගයක් අහයි.ඕගොල්ලො ඩිස්ක් එකට දාන නමක් එහෙම දීලා ආයිත් බර්න් ඔබන්න.ටිකක් අත පත ගාන කොට ඔය වැඩ කෑලි ටික අහුලගතෑකි.දැං ඉතිං රයිට් වෙලා ඉවර වුනාම එක්කො ඩිස්ක් එක එලියට දායි. නැත්තං මැසේජ් එකක් පෙන්නයි.ට්‍රයි කරළම බලන්නකො 🙂 .දැං ඉතිං මේක 99%ක්ම ප්ලේයර් වල පේන්න ඕනෙ.

ඉබ්බටනං රී රයිටබල් ඩී වී ඩී පාවිච්චි කරන එක තමා ලාභ.පර්මනන්ට්  ලිවුවම ආයිත් ඉතිං වැඩක් නෑනෙ.ඊටත් ෆිල්ම්.වැරදුනත් හිතට දුක නෑ.ඉරේස් කළා ආයිත් ගැහුවා.බැකප් දාන්න නං පර්මනන්ට් හොඳයි.පර්මනන්ට් එකක් රුපියල් 90 නං රී රයිටබල් එකක් රුපියල් 180ක් හරි 200ක් හරි වෙයි. ඉබ්බා නං සාමාන්‍යයෙං පාවිච්චි කරන්නෙ ඉමේෂන් හරි සෝනි හරි තමා ඉතිං.ලාභ බඩු වල හිලක් තියනවනෙ.හැබැයි ඉති ලාභ ගණං කොයි ඩී වී ඩී එකෙත් හිලක් තියනවා.නැත්තං ඒක කරකවන්න බැරි වෙනවනෙ.හිහ්… 😛 බලන්නකො ඒකෙත් හැටි.

Permalink ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඩවුන්ලෝඩ් කළ ෆිල්ම් ප්ලේයරේ බැලීම

ජූලි 9, 2010 at 4:38 ප.ව. (පොදු) (, , )

අපි avi හරි mpeg හරි wmv හරි වෙනත් ඒ වගේ වීඩියෝ ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කළා කියමු. ඒක ඒ විදියටම ඩී වී ඩී එකක රයිට් කළොත් අළුත් ප්ලේයර්ස් වලනං පේයි.ඒත් සාමාන්‍ය ස්ටෑන්ඩර්ඩ් ප්ලේයර්ස් වල පේන්නෙ නෑ.ලෝඩිං එරර් කියලා ෆේල් වෙයි.ඩවුන්ලෝඩ් කරන ෆිල්ම් ප්ලේයරේ දාලා ටී වී එකේ බලන්න ඕනෙ නම් ඒ ඩී වී ඩී ප්ලේයර්ස් හදන කොම්පැණි එකඟ වෙලා, බලාපොරොත්තු වෙන ෆෝර්මැට් එකට අපි අපේ වීඩියෝ ෆයිල් සකසන්න ඕනෙ.එහෙම සකසන්න පුළුවං ටූල් ගොඩක් ඇති.ඒ අතරිං ඉබ්බ තෝර ගත්තෙ ඩී වී ඩී ෆ්ලික්(DVDFlick) කියන ෆ්‍රී ටූල් එක.ඒකෙ ප්‍රයෝජනවත් වෙන මූලික උපාංග බොහොමයක් ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවං.ලැප්ටොප් එකක් තියනවනං ටී වී එක ගාවට ගෙනිහිං එස් වීඩියෝ අවුට් එකක් කඩෙං අරං ලැප්ටොප් එකයි ටී වී එකයි අමුණලත් ෆිල්ම් බලතෑකි.ඒත් ස්ටෑන්ඩ් අලෝන් එකකට මේ වැඩේ කරන්න අමාරුනෙ 🙂 .

මුලිංම ඩී වී ඩී ෆ්ලික් ඉන්ස්ටෝල් කරළා ඕපන් කරන්න.එතකොට ඔය පහළ රූපෙ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙයි.ඒකට අපිට ඕනෙ වීඩියෝ ෆයිල් එකක් හෝ කීපයක් ඇදලා දාන්න.එයා ඔටෝ ඩී වී ඩී එකේ කැපෑසිටි එකට හරි යන්න වීඩියෝ ෆයිල් වල කොලිටි එහෙට මෙහෙට කරළා හදා ගනියි. හොඳට කොලිටි අවුට්පුට් එකක් ඕනෙ නම් එක ෆිල්ම් එකක් ඉතරක් දා ගන්න.නැත්තං එයා කොලිටි ගොඩක් අඩු කරන්න ඉඩ තියනවා.ඊට පස්සෙ ඒ වින්ඩෝ එකේම ඔය පහළම තියන වර්කිං ඩිරෙක්ටරිය සෙට් කරන්න.එයා එතන තමා ටෙම්පරරි ෆයිල් හදලා වැඩ ටික ඔක්කොම කරළා ඩී වී ඩී ස්ට්‍රක්චර් එක හදන්නෙ.

ඔය උඩම මෙනු එකේ තියන ප්‍රොජෙක්ට් සෙටිංස් බොත්තම එහෙම ඔබලා ඕනෙ කස්ටමයිසේෂන් එකක් කර ගන්නත් පුළුවං.

අපි හිතමු අපිට සබ්ටයිටල්ස් දාන්න ඕනෙ කියලා.අපි අදාල වීඩියෝ එක සිලෙක්ට් කරළා වින්ඩෝ එකේ දකුණු පැත්තේ තියන එඩිට් ටයිටල් බොත්තම ඔබනවා.එතකොට එනවා පොපප් එකක්. ඒකෙත් සෙටිංස් වගයක් තමා තියෙන්නෙ.ඒකේ ස්ක්‍රීන් රේෂෝ එක 16ට 9ද 4ට 3ද, චැප්ටර්ස්, සබ්ටයිටල්ස් ඕනෙ තරං ලැංවේජස් ගානකිං දාන්න පුළුවං.ඕගොල්ලොම ට්‍රයි කරළා බලන්න.

ඊට අමතරව සබ්ටයිටල් ටැබ් එක තවත් කන්ෆිගර් කරන්න පුළුවං.සබ්ටයිටල් භාෂාව සිංහලීස් කියලා එහෙමත් තියනවා.අකුරු වල සයිස් එක, පාට, බැක්ග්‍රවුන්ඩ් එහෙමත් වෙනස් කරන්න පුළුවං.

මේ ඔක්කොම සෙටිංස් හදලා ඇක්සෙප්ට් කරළා අර මුල් වින්ඩෝ එකේ උඩම තියන මෙනු එකේ ක්‍රියේට් ඩී වී ඩී කියන බොත්තම ඔබන්න.මේකට ටිකක් වෙලා යන්න ඉඩ තියනවා.ඕගොල්ලන්ට ඕනෙ නං පුළුවං මේ වැඩේ ඉවර වුනාම මැෂිම ඔටෝ ඕෆ් වෙන්න කියලත් කමාන්ඩ් සෙට් කරන්න. මේකේ ඩී වී ඩී රයිට් කරන ඔප්ෂන් එකත් තියනවා.ඒත් ඉබ්බා නං පාවිච්චි කරළා නෑ 😦 . ඉබ්බා ඒකට යොදා ගන්නෙ වෙන ටූල් එකක්. ඒක ගැනත් වෙන ලිපියකිං කියන්නං.

මෙයා ඕඩියෝ වීඩියෝ ෆයිල් වල පොඩි පොඩි අප්සට් තැං එහෙමත් කරෙක්ට් කරගන්නවා.ටිකක් වෙලා යන එක තමා ප්‍රශ්නේ 🙂 .දඩිබිඩියේ ඩී වී ඩී හදන(පැය කාලෙං ඉතර) ටූල් එකකුත් තියනවා.ඒකෙ නම ඉබ්බා හොයලා කියන්නං.දැං මතක් වෙන්නෙ නෑ.හැබැයි එයාගේ මෙච්චර වැඩ කෑලි නෑ.ඕගොල්ලො ට්‍රයි කරලා බලලා අපහැදිලි තැං තියනවානං කියන්නකො.

ප.ලි. ආ…අර දඩ බඩ ගාලා පැය කාලෙං ඉතර වීඩියෝ ෆයිල් එකක් ඩී වී ඩී කරන ටූල් එක තමා කොයොටේ සොෆ්ට්ලගෙ වීඩියෝස් ටු ඩී වී ඩී කන්වර්ටර්.


Permalink ප්‍රතිචාර 4

සබ්ටයිටල් මස් කිරීම

ජූලි 9, 2010 at 3:13 ප.ව. (පොදු) (, , , , , )

චිත්‍රපටියක් ඩවුන්ලෝඩ් කළාම තියන ප්‍රධාන ප්‍රශ්නයක් තමා (මේවා ඉබ්බට තමා ඉතිං තියෙන්නෙ 🙂 ) සමහර සුද්දො කතා කරන වේගෙට එකපාරම වචන අල්ල ගන්න අමාරුයි.සමහරුංගෙ ඇක්සන්ට් එක නිසාත් මෙහෙම වෙනවා.දෙවෙනි පාර බලන කොට නං ටිකක් ඉතර වැඩියෙං කන්වර්සේෂන් තේරෙන ෆිල්ම් තියනවා.ඒත් ඉතිං හැම ෆිල්ම් එකම දෙපාර දෙපාර බලන්න පුළුවනෑ.නැත්තං නොදන්න භාෂාවක ෆිල්ම් එකක් වුනාමත් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑනෙ(පර්සියන් වගේ වුනොත් දෙයියංගෙම පිහිටයි).

මේකට කරන්න පුළුවන් වැඩ 3ක් තියනවා.

1. සබ්ටයිටල් ෆයිල් එකක් බා ගැනීම

2. විකිපීඩියාවෙ ඒ ෆිල්ම් එකට අදාල පිටුවේ ප්ලොට් එක කියවීම (එතකොට කතාව දන්න නිසා කුතුහලය නැති වෙන්න ඉඩ තියනවා 😦 )

3. නැත්තං තේරුණ කෙනෙක් ගෙං අහ ගැනීම 😛

එකේක භාෂාවෙං ලියපු සබ්ටයිටල් ෆයිල් ඕනෙ තරං තියනවා නෙට් එකේ බා ගන්න. ගූගල් එකේ ෆිල්ම් එකේ නම ගහලා ඉංග්ලිෂ් සබ්ටයිටල් ෆයිල් කියලා ගහලා සර්ච් කළත් ගොඩක් සයිට් එනවා(ෆිල්ම් එක හොයා ගන්න අමාරු නං ඉතිං සබ්ටයිටල් හෙවිල්ලත් අමාරුයි).මේ සබ් ටයිටල් ෆයිල්සුත් එකේක වීඩියෝ වලට හදලා තියනවා. CD, avi, divX, mpeg, wmv, mov වලට ආදී වශයෙන්. ඒත් මේකෙං අදහස් වෙන්නෙ ඒ ෆයිල් එකේ ෆෝර්මැට් එක නෙමෙයි.ඒ ෆයිල් එක මොන වීඩියෝ එකත් එක්කද සින්ක්‍රොනයිස් කරලා තියෙන්නෙ කියලයි ඒ කියලා තියෙන්නෙ. සමහර ඒවා තියනවා for CD 1, for CD 2 කියලා.ඒ කියන්නෙ ඒ ෆිල්ම් එකේ වීඩියෝ ෆයිල් එක සී ඩී එකකිං කොපි කරගෙන තියනවා කියලා තමා බලාපොරොත්තු වෙන්නෙ.අපි ඩී වී ඩී එකකිං හරි ඒ වී අයි තනි වීඩියෝ ෆයිල් එකක් හරි ගත්තොත් සබ්ටයිටල් ෆයිල් එක සින්ක් වෙන්නෙ නෑ.කතා කරලා පැයක් ඉතර ගියාට පස්සෙ හරි කළිං හරි වචන ඩිස්ප්ලේ වෙනවා.මේක ගොඩ දාගන්න විදියක් ගැන තමා ඉබ්බා කියන්න හිතුවේ.

ඔන්න අපි අපේ ගාව තියන ෆිල්ම් එකකට සබ්ටයිටල් ෆයිල් එකක් බා ගත්තා කියමුකො.මේක එඩිට් කරන්න පුළුවං ෆ්‍රී ටූල් එකක් තියනවා ඒජිසබ්(Aegisub) කියලා.අපේ සබ්ටයිටල් ෆයිල් එක මේකෙං ඕපන් කරන්න පුළුවං.වීඩියෝ එකත් එක්ක සින්ක් නැත්තං ටයිම් ඉස්සරහට පස්සට ෂිෆ්ට් කරලා හදා ගන්නත් පුළුවං.ඕනෙනං වීඩියෝ එකත් ලෝඩ් කරලා අමුතුවෙංම සබ්ටයිටල්ස් දාන්නත් පුළුවං.යුනිකෝඩුත් සපෝර්ට් කරනවා.ඉබ්බ ළඟදී සිංහලෙං ෆිල්ම් එකකට සබ්ටයිටල්ස් දැම්මා.ඒ ෆිල්ම් එක ගැනත් ඉදිරි ලිපියකිං කියන්නම්කො.තව සබ්ටයිටල් වලට යොදන්න පුළුවං එකේක features ගොඩක් මේකෙ තියනවා.ඕගොල්ලො ට්‍රයි කරළාම බලන්නකො 🙂 . sub, srt, ssa, ass ඔය වගේ කොයි ෆෝර්මැට් එකට වුනත් සබ්ටයිටල් ෆයිල් හදා ගන්නත් එක ටයිප් එකකිං තව ටයිප් එකකට කන්වර්ට් කරන්නත් මේකට පුළුවං.

ගොඩක් වෙලාවට කොන්තීටරේ ෆිල්ම් බලනවානම් වීඩියෝ ෆයිල් එක තියන තැනම ඒකෙ නමින්ම සබ්ටයිටල් ෆයිල් එකත් දාලා තිබ්බම ප්ලේයරේ ඔටෝ ගන්නවා.නැත්තං මෙනු එකෙං ගිහිං සබ්ටයිටල් ෆයිල් එක ලෝඩ් කරගන්න පුළුවං.භාෂා කීපෙකිං සබ්ටයිටල් දාලා ඩී වී ඩී ප්ලේයර් එකේ ෆිල්ම් බලන විදියට ෆයිල් ප්‍රොසෙස් කරන විදිය ඉබ්බා ඉදිරි ලිපියක ලියන්නයි ඉන්නෙ.මදි පාඩු තියනවනං එකතු කළාට තරහා නෑ 🙂 .ඉබ්බත් ඒවැං ඉගන ගන්නවනෙ.

Permalink ප්‍රතිචාර 8

ෆිල්ම් බලන ටූල්

ජූනි 30, 2010 at 10:32 පෙ.ව. (පොදු) (, , , , , , , , , , , , , , )

ඉබ්බ සියට 99ක්ම පාවිච්චි කරන්නෙ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් තමා.විශේෂ අවශ්‍යතා සඳහා පමණක් යුනික්ස් ලයික් ඕ එස් පාවිච්චි කරනවා.ඉතිං ඉබ්බා කතා කරන සොෆ්ට්වෙයාර් ඔක්කොම එම් එස් වින්ඩෝස් වල දුවන ඒවා.ගොඩක් ඒවගේ ලිනක්ස් වර්ෂන් එකකුත් තියනවා.

ඉබ්බා මෑතක ඉඳලා වැඩියම ෆිල්ම් බලන්න යූස් කරන්නෙ වී එල් සී ප්ලේයර්(VideoLan Player) එක.මේක ජී එන් යූ(ගුනූ-GNU) ෆ්‍රී ලයිසන් එකක් සහිත නොමිලේ පාවිච්චි කරන්න පුළුවං එකක්.ඔය ලයිසන් කතාව ගැන දැනගන්න කැමති කට්ටියට ඕනෙ වෙයි කියලා හිතලා තමා ලිවුවේ.ඉබ්බනං ඉතිං ෆ්‍රී නං එතනිං එහාට හොයන්නෙ නෑ.මොකෝ ඉතිං හෙවුවා කියලා නඩු කියන්නයෑ 😛 .කැමති නං ඉතරක් ගූගල් එකේ ගහලා තව විස්තර හොයා ගන්න.කොහොම හරි මේක පුද්ගලික පාවිච්චිය සඳහා ෆ්‍රී.බොහෝ වෙලාවට මේකෙ ඕනෙ කුණුගොඩක් ප්ලේ වෙනවා.සමහර වීඩියෝ ෆයිල් වල පොඩි පොඩි ආබාධ තියනවා. ඒවත් යම් තාක් දුරකට පාළනය කරගෙන වී එල් සී වැඩ කරනවා. වර්තමානයේ තියන ගොඩක් ප්ලේයර්ස් වගේ මේකෙත් විව්ධ නාද රටා යොදන්න පුළුවං. උදාහරනයක් හැටියට ශබ්ධයේ බේස් වැඩි කරන්න, තීව්‍රතාව වැඩි කරන්න ආදී වශයෙන් පුළුවන්.නැත්තං කළිං සකසන ලද පොප්,රොක්, ක්ලැසික්, වෝකල් ආදී වශයෙන් සවුන්ඩ් සෙටිංස් තියනවා.වීඩියෝ එකත් එක්ක සවුන්ඩ් ට්‍රැක් කීපයක් එනවා නම් අවශ්‍ය ට්‍රැක් එක සිලෙක්ට් කරන්නත් පුළුවං.ඊට අමතරව ඩී වී ඩී එකක් ප්ලේ කළොත් ඒකේ සබ්ටයිට්ල්(උපසිරැසි) සිලෙක්ට් කරන්න පුළුවං.එහෙම නැත්තං අපි ගාව වීඩියෝ ෆයිල් එකකුයි සබ්ටයිට්ල් ෆයිල් එකක් වෙනමයි(external subtitle file) තියනවානම්, සබ්ටයිට්ල් ෆයිල් එක වෙනම ලෝඩ් කරන්නත් පුළුවං.ඊට අමතරව අනික් හැම ප්ලේයරේම වගේ තියන මූලික ෆීචර්ස් මේකෙත් තියනවා.

මේ ළඟදී ඉබ්බට වී එල් සී එකේ පොඩී ලිමිටේෂන් එකක් අහුවුනා. ඉබ්බා ගාව තිබුන සිංහල යුනිකෝඩ් සබ්ටයිට්ල් ෆයිල් එකක් ලෝඩ් කළාම වී එල් සී එක අකුරු වෙනුවට කොටු පෙන්නුවා. හොයනකොට දැනගන්නට ලැබුනා වී එල් සී එක එවැනි යුනිකෝඩ් තවම සපොර්ර්ට් නොකරන වග.ඒත් ඉබ්බා මේ වීඩියෝ ෆයිල් එකයි සබ්ටයිට්ල් ෆයිල් එකයි අමුණලා ඩී වී ඩී එකක් හැදුවට පස්සෙ ඒක වී එල් සී එකෙං ප්ලේ කළාම අගේට සිංහල අකුරු පෙන්නුවා.සබ්ටයිට්ල් ෆයිල් මස් කරන හැටියි, ඕනෙම සාමාන්‍ය ඩී වී ඩී ප්ලේයර් එකක පේන්න ඩී වී ඩී කන්වර්ට් කරන හැටියි ඉබ්බා වෙන ලිපි දෙකකිං කියන්නයි ඉන්නෙ.රෙසලූෂන් රේෂෝ(resolution ratio) එක,ඒ කියන්නෙ ඔය පින්තූර පේන ස්ක්‍රීන් කොටසේ දිග පළල(වීඩියෝ ෆයිල් එකේ රෙසලූෂන්-වර්ග ඒකකයක තියන තිත්, එහෙම නැත්තං පික්සල් ගාන,එහෙම නැත්තං dots per inch, එහෙම නැත්තං dpi-වැඩි කරන්න අමාරුයි.ඒකටත් පොඩි පොඩි ටූල් කෑලි ටිකක් තියනවා. ඒවත් ලිපියකින් කියන්නම්) වෙනස් කරන්නත් පුළුවං.

වී එල් සී ගෙ යුනිකෝඩ් සපෝර්ට් අප්සට් ටිකක් තියනවනෙ.ඒ ප්‍රශ්නෙ විසඳන තවත් ෆ්‍රී, ගොඩක් ෆීචර්ස් තියන ප්ලේයරයක් තමා කේ එම් ප්ලේයර්(KMPlayer).ඒකෙ ඉහත කියලා තියන ෆීචර්ස් වලට අමතරව තව වීඩියෝ කැප්චරිං ෆීචර්ස් කීපෙකුත් තියනවා.බාහිර යුනිකෝඩ් සිංහල ෆයිල් එකක් වුනත් මේක නිවැරදිව කියවනවා.තව වටිනා කියන ෆීචර් එකක් තමා වීඩියෝ එකත් එක්ක සබ්ටයිට්ල්ස් සමාන්තරව යන්නෙ නැත්තං ඒක සිංක්‍රොනයිස්(synchronize)කරන හැකියාවත් මේකට තියනවා.ඒ සඳහා අපි කොන්ෆිගරේෂන් හදන්න ඕනෙ.

මීට අමතරව ජෙට් ඕඩියෝ, වින් ඈම්ප්, මීඩියා ප්ලේයර්, ඩිවු එක්ස් ප්ලේයර්, රියල් ප්ලේයර් ආදී බොහෝ ප්ලේයර්ස් තියනවා.මේවා ඔක්කොම වගේ සල්ලි දීලා ගන්න ඕනෙ, එහෙම නැත්තං ලයිසන් ෆීස් ගෙවන්න ඕනෙ ප්‍රොප්‍රයටරි සොෆ්ට්වෙයාර්.මේවායේත් එකේක අය කැමති අකමැති විවිධ ෆීචර්ස් තියනවා 🙂 .

මේ කොයි ප්ලේයරෙත් හරියට වාහනේක චැසිය වගේ.මදේ තියලා ඕනෙ ඕනෙ විදියට සකසන්න ඕනෙ.උදාහරනයක් හැටියට අපි බයිබලේ ගමු. අපි කියමු ඉංග්‍රීසියෙන් ලියපු බයිබලේ කියලා.ඒක කියවන්න ඉංග්‍රීසි දන්න කෙනෙක් ඕනෙ.අපි කියමු සිංහලෙං ලියපු බයිබලය කියලා.ඒක කියවන්න සිංහල දන්න කෙනෙක් ඕනෙ.එකම බයිබලය තමා.ඒත් ප්‍රයෝජනයට ගන්න තුන්වන පාර්ශවයක් ඕනෙ.වීඩියෝ ෆයිල්සුත් මෙහෙමයි.avi,mpeg,wmv,mkv,vobආදී වශයෙන් තියන වීඩියෝ ෆයිල් හරියට ඉංග්‍රීසි, සිංහල වගේ වෙනස්කම් තියනවා.ඒක නිසා ඒ ඒ ෆයිල් කියවන්න මූලික අවශ්‍යතා තියනවා.සමහර ප්ලේයර්ස් මේ මූලික අවශ්‍යතා සපුරන්න ඕනෙ අඩුම කුඩුම එක්කම එනවා.සමහරු ඔක්කොම එක්ක එන්නෙ නෑ.එහෙම වුනාම හරියට අපි වෙන වෙන භාෂා ඉගන ගෙන ඒ භාෂාවෙං තියන පොත් කියෝනව වගේ ඒ ප්ලේයර්ස් වලට ඕන තුන්වන පාර්ශවයේ හෙල්ප් එක වෙනම දාන්න වෙනවා.මේවා තමා ඔය කොඩෙක්(codec) කොඩෙක් කිය කිය කට්ටිය කියන්නෙ.හරියට අර භාෂා උදාහරනෙ වගේ.

ජර්මන් කාරයෙක් ජර්මන් භාෂාවෙං ඉබ්බගෙං මොනාහරි ඇහුවොත් ඉබ්බට තෙරෙන්නෙ නෑ.ඉබ්බ යනවා ජර්මන් පන්ති.ගිහිං ඉගන ගන්නවා.ලබන අවුරුද්දෙ තව ජර්මන් කාරයෙක් ඉබ්බගෙං ජර්මන් භාෂාවෙං මොනාද අහනවා.මෙන්න බොලේ ඉබ්බ උත්තර දෙනවා 😀 .වීඩියෝ ෆයිල් ප්ලේයර්සුත් එහෙම තමා.යම්කිසි වීඩියෝ ෆයිල් එකක් ප්ලේ කරන්න බෑ කියන ප්ලේයරේම ඊට අවශ්‍ය කොඩෙක් අන්තර්ජාලයෙන් බාලා ඉන්ස්ටෝල් කළාම මෙන්න බොලේ අර බෑ කිවුව වීඩියෝ ෆයිල් එකම අගේට ප්ලේ කරනවා.මෙන්න මෙහෙම ගොඩක් ප්‍රසිද්ද කොඩෙක් එකක් තමා ඩිවු එක්ස්(DivX) කියන්නෙ.ඒක දැම්මම ඔය කොයි කොයි ප්ලේයරෙත් බෑ කියපු ගොඩක් ඒවා ප්ලේ කරනවා 😛 .

මෙන්න මේ හේතුව නිසා තමා අපේ ගෙදර තියන ඩී වී ඩී ප්ලේයරේ නිකං ඕනෙම වීඩියෝ ෆයිල් එකක් ඩී වී ඩී එකක රයිට් කරළා දැම්මට ප්ලේ කරන්නෙ නැත්තෙ.අළුත් අළුත් ප්ලේයර්ස් නං එකේක ජාතියේ වීඩියෝ ෆයිල්, ෆොටෝ එහෙම දඩස් ගාලා පෙන්නනවා.ඒ ඒවට මේ අළුත් කොඩෙක් ජාති දාලා තියන නිසා.ප්ලේයරෙත් ඉතිං පොඩි කම්පියුටර් කෑල්ලක් තමා.ඒකෙත් ඔය ඕනෙ කරන සොෆ්ට්වෙයාර් කෑළි පර්මනන්ට් ඉන්ස්ටෝල් කරලා තියෙන්නෙ.වෙනස තියෙන්නෙ ඒවා වෙනස් කරන්න අපිට බැරි එකයි, ප්ලේයරේ වීඩියෝ, ඕඩියෝ වැඩ ඉතරක් කරන එකයි ඉතරයි.ඉස්සර ඩී වී ඩී ෆිල්ම් හදන්න පටංගත්ත කාලෙ ඉඳලා ප්ලේයර්ස් හදන කොම්පැණි එකඟ වෙච්ච රීති මාලාවක් තියනවා.ඒක එක ෆයිල් ස්ට්‍රක්චර් එකක්.ඒකෙ අනිවාර් යෙං තියෙන්න ඕනෙ ක්‍රමයක් තියනවා.එහෙම තියනවනම් ඔය කොයි කොයි ඩී වී ඩී ප්ලේයරෙත් වීඩියෝ ෆයිල් බෑ නොකියා ප්ලේ කරනවා.එහෙම ඕනෙ ප්ලේයර් එකක ප්ලේ වෙන්න පුළුවං විදියට ඩී වී ඩී එකක් හදලා ඒක රයිට් කරන හැටි ඉබ්බ ඉදිරි ලිපියකිං කියන්න හිතාගෙනයි ඉන්නෙ 🙂 .

කළිං ලිපියට ප්‍රතිචාර හැටියට ඉබ්බට මග ඇරිච්චයි, ඉබ්බ දන්නෙම නැති ජාතියි යාළුවෝ කියලා එවලා තිබ්බා.ඒවට ස්තූතියි. මේකෙත් අඩු වැඩි දාන්න 🙂 .

Permalink ප්‍රතිචාර 3

චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරන්නේ කොහෙන්ද?

ජූනි 29, 2010 at 2:15 ප.ව. (පොදු) (, , , , , , , , , , , , )

ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරනකොට ඉස්සර ඉබ්බට ප්‍රධාන ප්‍රශ්න කීපයක් තිබ්බා. ඩවුන්ලෝඩ් කරනවා නම් එක්කෝ ඩිරෙක්ට් ලින්ක් එකක් හොයා ගන්න ඕනෙ. නැත්තං ටොරන්ට්(torrent) පාවිච්චි කරන්න ඕනෙ.

මේ ක්‍රම දෙකෙං ඉබ්බා ටොරන්ට් සම්පූර්ණයෙන්ම අත ඇරියා. මෙන්න මේවා තමා හේතු. ටොරන්ට් නිකං ලෝකෙ පුරා තියන කම්පියුටර් ෂෙයාර්ඩ් නෙට්වර්ක් එකක් කරලනේ තියෙන්නෙ. ඉතිං අපි ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න ඒක තමංගේ මැෂින් එකේ තියන කෙනෙක් මැෂින් එක ඕන් කරගෙන කනෙක්ට් වෙලා ඉන්න ඕනෙ. මේ කට්ටියව තමා සීඩ්ස්(seeds) කියලා පෙන්නන්නෙ. සීඩ්ස් ගොඩක් තියනවානං අපිට ඩවුන්ලෝඩ් කරගන්න ලේසියි. ඒත් මේ අය ඔක්කොම ඩිස්කනෙක්ට් වුනොත් සීඩ්ස් නැතුව ගිහිං අපි අමාරුවේ වැටෙනවා.

අනික් කරුණ තමා ටොරන්ට් වලිං ගනු ඉතරක් බෑ. දෙනුත් ඕනෙ. මේක මේ අන්‍යෝන්‍ය සුහදත්වයෙං කරන වැඩක්. අපි ෆිල්ම් එකක ටිකක් අපේ මැෂින් එකේ සේව් කරගත්තම අපිවත් අර සීඩ්ස් ගොඩට වැටෙනවා. ඒ කියන්නෙ වෙනත් ඩවුන්ලෝඩ් කරන අය අපේ මැෂින් එකෙනුත් අදින්න පටං ගන්නවා. එතකොට අපේ ඩවුන් ලින්ක් එකට අමතරව අප් ලින්ක් එකෙං ඩේටා අපේ මැෂින් එකෙං පිටට යනවා. ටික වෙලාවකිං අපිට ලැබෙනවට වඩා වේගෙං අපෙං එළියට අදින්න පටං ගන්නවා. මේ වැඩේ නවත්තන්න හිතාගෙන අපි ඒ නෙට්ව්ර්ක් එකෙං ගැලවුනා කියමුකො. එතකොට අපිව බ්ලැක් ලිස්ට් කරනවා.අන්‍යෝන්‍ය අවබෝධය වයලේට් කළාට.

ඉබ්බගේ තියෙන්නෙ කොන්දේසි වලට යටවුන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්.ඒක නිසා ගන්නවට වඩා දෙන්න ගියොත් ඉබ්බට අපහසුතාවලට මූණ දෙන්න වෙනවා.ඇයි ලිමිට් පයිනවනෙ 🙂 . තව හේතුවක් තමා සෑහෙන ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කළාට පස්සෙ සීඩ්ස් නැතුව ගිහිං ඔක්කොම වතුරෙ යනවා 😦 . විශේෂයෙන්ම ටිකක් පරණ ෆිල්ම්. ඒවා කට්ටිය අඩුවෙංනෙ ඩවුන්ලෝඩ් කරන්නෙ. එතකොට ඒවා ෂෙයාර් කරපු කට්ටිය අඩුයි හෝ නෑ. සීඩ්ස් අඩුයි. නැත්තං සීඩ්ස් වල හෙල්ත්(health) තත්වේ හොඳ නෑ.මේවා ඩවුන්ලෝඩ් කරන්න ගියාම අර ඉස්සෙල්ලා කිවුවා වගේ අකරතැබ්බයන්ට මූණදෙන්න වෙනවා.

අනික මේ ගනුදෙනු හුටපටේ නිසා ඩවුන්ලෝඩ් කෙරුවාව බොහොම ස්ලෝ(slow) වෙනවා.හදිස්සියට ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරලා ඒ වෙලාවෙම බලන්න අමාරු වෙනවා.

ටොරන්ට් වලිං ඩවුන්ලෝඩ් කරනවානම් ටොරන්ට් ක්ලයන්ට්(client) සොෆ්ට්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් කරගෙන අපේ මැෂින් එකේ ඉන්ස්ටෝල් කරගන්න වෙනවා.එයා තමා අපේ මැෂින් එක මේ ග්ලෝබල් ෂෙයාර්ඩ් නෙට්වර්ක් එකට ගෙනියන ටූල් එක.ෆිල්ම්ස් හොයන්න නං ටොරන්ට් සර්ච් එන්ජින් තියනවා. ඒ නැත්ත ගූගල් එකේ ෆිල්ම් එකේ නමයි ටොරන්ට් කියලයි ගැහුවම ඕන තරං හොයා ගන්න පුළුවං.

ඉබ්බගෙ සමුද්දේශ රාමුවට සාපේක්ෂව මේවා තමා ටොරන්ට් වල ගැටළු.තවත් කෙනෙක්ට මේවා ප්‍රශ්නයක් නොවෙන්න හොඳටම ඉඩ කඩ තියනවා 🙂 .

මේ චුරු චුරු අස්සෙ කිරි ඉබ්බිගෙ යාළුවෙක් වෙච්ච කූර් කියනවා අයියෝ රැපිඩ්ෂෙයාර් බාන්නකො. මම නං කරන්නෙ එහෙමයි කියලා 🙂 .

ඒත් මුලිංම ඩිරෙක්ට් ලින්ක් වලිං ෆිල්ම් එක ෂෙයාර් කරලා තියන තැනක් හොයා ගන්න එක ප්‍රධාන ගැටළුවක් වුනා. ගූගල් එකේ ගැහුවාම ගොඩක් රිසල්ට්ස් එනවා. ක්ලික් කරගෙන ක්ලික් කරගෙන ගියාම අන්තිමට සල්ලි ඉල්ලනවා.ටික දවසක් මෙහෙම නටනකොට රැපිඩ්ෂෙයාර් එක ඇතුලේ සර්ච් කරන්න පුල්ළුවං සයිට් එකක් හම්බුනා.ඊට අමතරවා ෆිල්ම් ෆ්‍රී ස්ටෝර් කරළා තියන ලොකේෂන් වල ලින්ක් තියන බ්ලොග් කීපෙකුත් හම්බුනා.

මාතෘකාව ආපු වෙලාවෙ නොමිලේ ෂෙයාරිං කරන තැන් ගැනත් ඉබ්බ දන්න විස්තර ටිකක් කියන්න හිතුනා.ඉබ්බගේ ලෝකෙ තරමට වැඩිම ප්‍රසිද්ධ රැපිඩ්ෂෙයාර් වෙන්න ඕනෙ මගෙ හිතේ.රැපිඩ්ෂෙයාර්ලගෙ ඕනෙ කෙනෙක්ට නොමිලේ ෆයිල් ස්ටෝර් කරලා තියන්නත්, එහෙම තියන ඒවා ගන්නත් පුළුවං.නොමිලේ පරිහරණය කරනකොට පොඩි පොඩි කන්ඩිෂන් කීපෙකට යටත්වෙන්න ඕනෙ.ඒවට අකමැති නම් සල්ලි ටිකක් හෙම ගෙවලා කුමාරය වගේ පාවිච්චි කරන්න පුළුවං.ඉබ්බ නං ඉතිං නොමිලෙම තමා වැඩ.සාමාන්‍යයෙන් මෙගාබයිට් 700ක ෆිල්ම් එකක් මෙගාබයිට් 100යේ කෑළි 7ක් විදියට තමා රැපිඩ්ෂෙයාර් එකේ තියෙන්නෙ. එක කෑල්ලක් නොමිලේ බෑවම ඊළඟ කෑල්ල බාන්න විනාඩි 15ක් ඉඳලා තමා ඉඩ දෙන්නෙ.ඒක රැපිඩ්ෂෙයාර්ලා සල්ලි ගෙවන සාමාජිකයෝ ඇති කරගන්න කරපු පොඩි ට්‍රික් එකක්.මෙම්බර්ස්ලට මෙහෙම බලා ඉන්න ඕනෙ නෑ.දඩ බඩ ගාලා ඔක්කොම බාගතෑකි.ඉබ්බට නං එච්චර හදිස්සියක් නෑ.හිමීට නොමිලෙම බානවා.පොකට් එකටත් හොඳයිනෙ.ඒ ඇරත් මේකට කරන්න පුළුවං ට්‍රික් කීපෙකුත් තියනවා.

ඒ ඩී එස් එල්(ADSL) මොඩම් තියන කට්ටියට පුළුවං එක කෑල්ලක් බෑවට පස්සෙ ආයිත් රවුටරේ(router) රී ස්ටාර්ට් කරන්න.එතකොට අළුත් අයි පී(IP) එකක් හම්බුවෙනවා.ඊළඟ කෑල්ල බාන්න ක්ලික් කළාම අළුත් අයි පී එකක් නෙ.ටාර් ගාලා ෆ්‍රී යූසර් කෙනෙක් හැටියට රැපිඩ්ෂෙයාර් ඉඩ දෙනවා.

ඉබ්බ වගේ එච් එස් පී ඒ(HSPA) කනෙක්ෂන් නම් තියෙන්නෙ පොඩ්ඩක් ට්‍රයි කරලා ඕනෙ නම් පොඩි සෙටිංස් ටිකක් වෙනස් කරන විදියක් හොයා ගතෑකි(මෙහෙම කරන්න ෂුවර් නැත්තං ට්‍රයි කරන්න එපා. තියන එකටත් කෙළවුනොත් හෙම ඕවා හදන්න ඉබ්බා එන එකක් යෑ 😛 ).

හරි, මේ හොර වැඩ මුකුත් නොකළා කියමුකො.මෙහෙම කෑළි බාන්න මැෂින් එකේම ජීවත් වෙන්න වෙනවනෙ. ඇයි එකක් බානවා, විනාඩි 15ක් ඉන්නවා, අනික් එක බානවා.මෙහෙම කරන්න පඩියක් ගෙවලා මිනිහෙක් දාන්න වෙයි 😛 . ඒකටත් පොඩි ටූල් එකක් තියනවා.ඔය රැපිඩ්ෂෙයාර් ඔටෝ ඩවුන්ලෝඩර් කියලා ගූගල් එකේ ගහලා බලන්න.එතකොටත් කීපයක් එයි.රැපිඩ්ෂෙයාර් යූ ආර් එල් (ලින්ක්ස්) ටික ඒකට දාලා සටාර්ට් කළාම එයාම ඔටෝ ඔක්කොම කරනවා.බලං ඉන්න ඒවා එයාම හැන්ඩ්ල් කරගන්නවා.ඕනෙ නං වැඩ ඉවරවුනාට පස්සෙ අපේ මැෂිම ඕෆ් කරන්න කියලත් සමහර ටූල් වල සෙට් කරන්න පුළුවං.

මේවා ඔක්කොම වගේ ෆ්‍රී සොෆ්ට්වෙයාර්.අපිටත් වඩා හොඳටම පිස්සු හැදිච්ච මිනිස්සු ඉන්න නිසා හොඳයි 😀 .නැත්තං මේවා ලියලා නිකං දෙයිද? නේද?ලංකාවෙ කට්ටිය නං දෙයි නිකං ඉඳා කියලා.කමක් නෑ.අපිවත් ට්‍රයි කරමුකො දන්න ඉටිගෙඩියක්වත් කාට හරි කියලා දෙන්න. නේද?

මේවගෙ ලිමිටේෂන් එකක් හෝ කීපයක් හෝ ඔක්කොම වගේ අයින් කරපු රැපිඩ්ෂෙයාර්ලගේ තරඟකරුවෝ ඉන්නව.හරියට මීඩියා ෆයර්,මෙගා අප්ලෝඩ් වගේ.අපි හිතමු අපි ඩවුන්ලෝඩ් කරන ෆිල්ම් එක කෑලි 7කට කඩලා මීඩියා ෆයර් එකේ ස්ටෝර් කරලයි තියෙන්නෙ කියලා.එහෙමනම් කිසි කරදරයක් නැතුව කෑළි 7ම එක පාර බාන්න පටං ගන්න පුළුවන්. පැයක් පැය එකහමාරක් යනකොට සම්පූර්ණ ෆිල්ම් එකම බාන්න පුළුවං.ඒත් ඉතිං රැපිඩ්ෂෙයාර් තමා වැඩියම ෆේමස්.ඒක නිසා තාමත් වැඩියම ෆිල්ම් තියෙන්නෙ ඒකෙ.ෆිල්ම් ඉතරක් නෙවේ.අනික් ඕනෑම ජාතියකුත් මේවායේ තියනවා.ටී වී සීරීස්, පොත්, සිංදු ආදී ඔක්කොම තියනවා.

හ්ම්…දැං විස්තර ටිකක් කිවුවනේ. ඉබ්බ ඉතිං මේ ස්ටෝර් කරලා තියන තැං හොයා ගන්නෙ ෆයිල්ස් පම්ප් එකේ සර්ච් බොක්ස් එකේ ෆිල්ම් එකේ නම ගහලා සර්ච් කරලා.එතකොට රිසල්ට්ස් ලිස්ට් එකක් පහළ වැටෙනවා.ඒවයේ පොඩි විස්තර කෑලිත් තියනවා.ඒවා දිහා බලලා අපි හොයන එක තෝර ගන්න පුළුවං.මෙතනදී මීඩියා ෆයර් හරි මෙගා අප්ලෝඩ් හරි ලින්ක්ස් තියනවනම් අපිට වඩාත් වාසියි.ගොඩාක් විට රැපිඩ්ෂෙයාර් ලින්ක් තමා එන්නේ.බලන්න ඒවා ඕපන් කරලා කෑළි ටික 1,2,3… ආදී ලෙස ඔක්කොම පිළිවෙලට තියනවද කියලා.සමහර ඒවායේ කෑළි අඩුයි.සමහර ඒවා ගොඩාක් ලොකුයි.ඔය බ්ලූ රේ ෆෝර්මැට් එකෙං හිටං තියනවා.ඒවා ඉතිං හොඳම කොලිට්ය් වුනාට සාමාන්‍ය කම්පියුටරේ බලන ෆිල්ම් වගේ 16 ගුණයක් ඉතර ලොකුයි. සාමාන්‍යයෙන් avi තමා වැඩියම තියෙන්නෙ. ඊට පස්සෙ mkv,wmv ආදී වශයෙන් තමා බහුලව තියෙන්නෙ.මේ ලිපිය හිතුවට වඩා දිගට ගිය නිසා ඉබ්බ චිත්‍රපටි බලන ටූල් ගැන වෙන ලිපියකිං කියන්නම්.තවත් එකක් තමා සමහර ස්ටෝරේජ් හැදුවට ඒවට ෆයිල් දාලා නෑ.හිස්.ඔය ටිකක් අතපත ගානකොට මේවා ඉබේම හුරු වෙනවා.

මේ කඩලා තියන කෑලි එහෙම කඩලා තියෙන්නෙ ගොඩාක් විට වින්රාර් (වින් ආර් ඒ ආර්,winRAR) වලිං.ඒවා ඔක්කොම බාලා වින්රාර් වලිංම එක්ස්ට්‍රැක්ට් කළාම කෑළි ටික මූට්ටු වෙනවා.වින්රාර් ඉවැලුවේෂන් කොපියකිං වුනත් මේක කරගන්න පුළුවං. ඔය ගූගල් එකේ ගහලා බලලා හොයා ගන්න පුළුවං.තවත් සමහර ෆිල්ම් තියනවා වෙන වෙන ස්ප්ලිටර්ස් වලිං කෑලි වලට කඩලා.ඒ වගේ ඒවා තියන තැං වල ඒ ස්ප්ලිටර් එක හෝ ගැළපෙන කනෙක්ටරුත් ඩවුන්ලෝඩ් කරගන්න පහසුකම් සපයලා තියනවා.ඒවායින් වැඩේ කරගන්න පුළුවං.

ඉබ්බා තවත් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන බ්ලොග් 2ක් තමා පහළ දාලා තියෙන්නෙ.උණු උණු ෆිල්ම් නං එතන අඩුයි.ඒත් මෙගා අප්ලෝඩ් එකේ ෂෙයාර් කරපු ඒවා ගොඩක් එතන තියනවා.

http://themoviescollection.blogspot.com/
http://iloveclassics.blogspot.com/

ඉබ්බ දන්න ටික තමා ඔය.ඕගොල්ලන්ට හෙල්ප් එකක් ඕනෙ නම් හරි අපහැදිලි තැං තියනවනම් හරි ඉබ්බට කියන්න.පුළුපුළුවං විදියට සපෝර්ට් එකක් දෙන්නම්.

Permalink ප්‍රතිචාර 8

ඉබි ටීටරේ

ජූනි 29, 2010 at 3:55 පෙ.ව. (පොදු)

ඉබ්බට හිතුනා ඉබ්බා බලපු ලස්සන ලස්සන ටීටර්(මතකද ඉස්සර සිරසෙ හිටපු  ටීටර් සිංඤ්ඤො 😀 ), එහෙමත් නැත්තං චිත්තරපටි, එහෙමත් නැත්තං සිංහලෙංම කියනවානම් ෆිල්ම්ස් ගැන ඉබ්බට හිතෙන හැටි කොහේ හරි ලියන්න ඕනෙ කියලා.ඉබ්බා ඉතිං මහා ලොකු විචාරකයෙක් නම් නෙවෙයි. සාමාන්‍ය පුර වැසියෙක්.ඉබ්බ තම තම නැණ පමණ තමා මේවා ලියන්නේ.ඉබ්බගෙ මත වාද තව කාගෙවත් ඇඟේ බලෙං පටවන්නවත්, වාද විවාද කරන්නවත් ඉබ්බගෙ අදහසක් නෑ.අනිත් අයගේ සාධාරණ මත ප්‍රකාශ දැන ගන්න නම් ඉබ්බා කැමතියි.එතකොට ඉබ්බටත් අළුත් අළුත් දේවල් දැනගන්නට ලැබෙනවනෙ.

මේ වැඩේට වැඩියම පෝර වැටුනේ බූන්දි එකේ තිබුන ලිපියක් නිසා. ඉබ්බත් කාලෙං කාලෙට එකේක ජාතියේ චිත්තරපටි බලනවා. හින්දි ඒවා, දෙමළ ඒවා, ඉංග්‍රීසි ඒවා, සිංහල ඒවා, පරණ ඒවා, අළුත් ඒවා, සම්භාව්‍ය ඒවා, මල් මල් ඒවා, චාටර් ඒවා, මෙලෝ රහක් නැති ඒවා, ඇනිමේෂන්, ඔය මෙකී නොකී ඔක්කොම ඒවා කාලෙං කාලෙට බලනවා. දැං නම් වැඩිපුරම ඩවුන්ලෝඩ් කරලා තමා බලන්නේ. ඉබ්බා ඩවුන්ලෝඩ් කරලා, ඒවා ඩී වී ඩී ප්ලේයර් වල බලන තත්වයට පත් කරලා ඉංග්‍රීසි හරි සිංහල හරි සබ්ටයිටල්ස් දාලා, රී රයිටබල් ඩී වී ඩී එකක් හොයාගෙන ඒකෙ ලියලා ටී වී එකේ බලන්න එක තමා ඉබ්බගෙ මේ දවස් වල රාජකාරිය. කීප දෙනෙක්ම ඉබ්බගෙං ඇහුවා මේ වැඩ ටික කරගන්න ලේසි ක්‍රමයක්.රටේ ලෝකෙ තියන ඔක්කොම වගේ වීඩියෝ එඩිටිං සොට්ටෙයාර් ටික ට්‍රයි කරලා ඉබ්බගේ වැඩ ටික කරගන්න සොට්ටෙයාර් රොත්තක් ඉබ්බට හම්බුනා.ඕගොල්ලෝ සමහර අය නම් මේවා ගැන ඉබ්බට වඩා හොඳට දන්නවා ඇති.ඉබ්බා මේවා ටික ගැන ඔක්කොටම කලිං ලියන්නයි ඉන්නේ.එතකොට දන්න කට්ටියට පුළුවන්නෙ මදි පාඩු හදන්න.

ආ…ට්‍රැක් එක පැන්නද මන්දා.ඉබ්බා අර ඉස්සෙල්ලා කියපු බූන්දි එකේ ලිපිය නිසා ඉබ්බට අළුත් මානයක් හම්බුනා.ලස්සන ෆිල්ම් කීපයක්ම බැළුවා.ඒවා ඉතිං ලංකාවේ සාමාන්‍ය ජනතාවට කවදා බලන්න ලැබෙයිද මන්දා.ඕගොල්ලන්ට මතකද ඉස්සර අපි පොඩි කාලෙ රූපවාහිනියේ ගිය පුංචි ඇත්පැටියයි, අර ඉත්තෑවගේ කතාවයි. කොච්චර ලස්සනද.අන්න ඒ කොලිටියේ චිත්තරපටි කීපයක් ඉබ්බා මේ ළඟදි බැළුවා.ඉතිං නිකමට හිතුනා තව කට්ටිය කැමති වෙයි කියලා ඒවා බලන්න.බූන්දිගේ ඔක්කොම ලිපි වලට ඉබ්බා එකඟ නෑ.ඒත් මේ උදවුවටනං බොහොම ස්තූතියි.

ඉබ්බා තවත් විස්තර හොයාගන්න ක්‍රමයක් තමා ඉතිං විකිපීඩියාව.වැඩ නැති වෙලාවට ඉබ්බ විකියේ පිටු ගැනලා ගැනලා දැං ඒකෙත් කියවන්න දෙයක් නැද්ද මන්දා.හිහ්…ඉබ්බා චිත්තරපටි ගැන ලියනකොට ඒකට ක්‍රොස් ලින්ක්සුත් දාන්නං.වෙන මහත්තැං හොයාගත්තු දේවල් ඉබ්බා තනියෙං හොයා ගත්තා වගේ දාන්න හොඳ නෑ නොවැ.ඉබ්බත් හිටි ගමං නයා පාරවල් අරිනවා 😛 . ඒ වුනාට පුළුවංතරං නයා මල්ලෙම තියා ගන්න තමා ඉබ්බගෙ ට්‍රයි එක.ගනංගන්න එපා.පෘථග්ජනයෝ නොවැ 🙂 .

එහෙනං අවස්ථාවක් ලැබුන ගමං අර ටූල්ස් ටික ගැන ලිපිය දාලම වැඩේ පටං ගන්නම්.වෙලාව තියනවානං මේ පැත්තේ ඉඳලා හිටලා ඇවිත් යන්න 🙂 .

Permalink ප්‍රතිචාර 8