චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරන්නේ කොහෙන්ද?

ජූනි 29, 2010 at 2:15 ප.ව. (පොදු) (, , , , , , , , , , , , )

ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරනකොට ඉස්සර ඉබ්බට ප්‍රධාන ප්‍රශ්න කීපයක් තිබ්බා. ඩවුන්ලෝඩ් කරනවා නම් එක්කෝ ඩිරෙක්ට් ලින්ක් එකක් හොයා ගන්න ඕනෙ. නැත්තං ටොරන්ට්(torrent) පාවිච්චි කරන්න ඕනෙ.

මේ ක්‍රම දෙකෙං ඉබ්බා ටොරන්ට් සම්පූර්ණයෙන්ම අත ඇරියා. මෙන්න මේවා තමා හේතු. ටොරන්ට් නිකං ලෝකෙ පුරා තියන කම්පියුටර් ෂෙයාර්ඩ් නෙට්වර්ක් එකක් කරලනේ තියෙන්නෙ. ඉතිං අපි ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න ඒක තමංගේ මැෂින් එකේ තියන කෙනෙක් මැෂින් එක ඕන් කරගෙන කනෙක්ට් වෙලා ඉන්න ඕනෙ. මේ කට්ටියව තමා සීඩ්ස්(seeds) කියලා පෙන්නන්නෙ. සීඩ්ස් ගොඩක් තියනවානං අපිට ඩවුන්ලෝඩ් කරගන්න ලේසියි. ඒත් මේ අය ඔක්කොම ඩිස්කනෙක්ට් වුනොත් සීඩ්ස් නැතුව ගිහිං අපි අමාරුවේ වැටෙනවා.

අනික් කරුණ තමා ටොරන්ට් වලිං ගනු ඉතරක් බෑ. දෙනුත් ඕනෙ. මේක මේ අන්‍යෝන්‍ය සුහදත්වයෙං කරන වැඩක්. අපි ෆිල්ම් එකක ටිකක් අපේ මැෂින් එකේ සේව් කරගත්තම අපිවත් අර සීඩ්ස් ගොඩට වැටෙනවා. ඒ කියන්නෙ වෙනත් ඩවුන්ලෝඩ් කරන අය අපේ මැෂින් එකෙනුත් අදින්න පටං ගන්නවා. එතකොට අපේ ඩවුන් ලින්ක් එකට අමතරව අප් ලින්ක් එකෙං ඩේටා අපේ මැෂින් එකෙං පිටට යනවා. ටික වෙලාවකිං අපිට ලැබෙනවට වඩා වේගෙං අපෙං එළියට අදින්න පටං ගන්නවා. මේ වැඩේ නවත්තන්න හිතාගෙන අපි ඒ නෙට්ව්ර්ක් එකෙං ගැලවුනා කියමුකො. එතකොට අපිව බ්ලැක් ලිස්ට් කරනවා.අන්‍යෝන්‍ය අවබෝධය වයලේට් කළාට.

ඉබ්බගේ තියෙන්නෙ කොන්දේසි වලට යටවුන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්.ඒක නිසා ගන්නවට වඩා දෙන්න ගියොත් ඉබ්බට අපහසුතාවලට මූණ දෙන්න වෙනවා.ඇයි ලිමිට් පයිනවනෙ 🙂 . තව හේතුවක් තමා සෑහෙන ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කළාට පස්සෙ සීඩ්ස් නැතුව ගිහිං ඔක්කොම වතුරෙ යනවා 😦 . විශේෂයෙන්ම ටිකක් පරණ ෆිල්ම්. ඒවා කට්ටිය අඩුවෙංනෙ ඩවුන්ලෝඩ් කරන්නෙ. එතකොට ඒවා ෂෙයාර් කරපු කට්ටිය අඩුයි හෝ නෑ. සීඩ්ස් අඩුයි. නැත්තං සීඩ්ස් වල හෙල්ත්(health) තත්වේ හොඳ නෑ.මේවා ඩවුන්ලෝඩ් කරන්න ගියාම අර ඉස්සෙල්ලා කිවුවා වගේ අකරතැබ්බයන්ට මූණදෙන්න වෙනවා.

අනික මේ ගනුදෙනු හුටපටේ නිසා ඩවුන්ලෝඩ් කෙරුවාව බොහොම ස්ලෝ(slow) වෙනවා.හදිස්සියට ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරලා ඒ වෙලාවෙම බලන්න අමාරු වෙනවා.

ටොරන්ට් වලිං ඩවුන්ලෝඩ් කරනවානම් ටොරන්ට් ක්ලයන්ට්(client) සොෆ්ට්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් කරගෙන අපේ මැෂින් එකේ ඉන්ස්ටෝල් කරගන්න වෙනවා.එයා තමා අපේ මැෂින් එක මේ ග්ලෝබල් ෂෙයාර්ඩ් නෙට්වර්ක් එකට ගෙනියන ටූල් එක.ෆිල්ම්ස් හොයන්න නං ටොරන්ට් සර්ච් එන්ජින් තියනවා. ඒ නැත්ත ගූගල් එකේ ෆිල්ම් එකේ නමයි ටොරන්ට් කියලයි ගැහුවම ඕන තරං හොයා ගන්න පුළුවං.

ඉබ්බගෙ සමුද්දේශ රාමුවට සාපේක්ෂව මේවා තමා ටොරන්ට් වල ගැටළු.තවත් කෙනෙක්ට මේවා ප්‍රශ්නයක් නොවෙන්න හොඳටම ඉඩ කඩ තියනවා 🙂 .

මේ චුරු චුරු අස්සෙ කිරි ඉබ්බිගෙ යාළුවෙක් වෙච්ච කූර් කියනවා අයියෝ රැපිඩ්ෂෙයාර් බාන්නකො. මම නං කරන්නෙ එහෙමයි කියලා 🙂 .

ඒත් මුලිංම ඩිරෙක්ට් ලින්ක් වලිං ෆිල්ම් එක ෂෙයාර් කරලා තියන තැනක් හොයා ගන්න එක ප්‍රධාන ගැටළුවක් වුනා. ගූගල් එකේ ගැහුවාම ගොඩක් රිසල්ට්ස් එනවා. ක්ලික් කරගෙන ක්ලික් කරගෙන ගියාම අන්තිමට සල්ලි ඉල්ලනවා.ටික දවසක් මෙහෙම නටනකොට රැපිඩ්ෂෙයාර් එක ඇතුලේ සර්ච් කරන්න පුල්ළුවං සයිට් එකක් හම්බුනා.ඊට අමතරවා ෆිල්ම් ෆ්‍රී ස්ටෝර් කරළා තියන ලොකේෂන් වල ලින්ක් තියන බ්ලොග් කීපෙකුත් හම්බුනා.

මාතෘකාව ආපු වෙලාවෙ නොමිලේ ෂෙයාරිං කරන තැන් ගැනත් ඉබ්බ දන්න විස්තර ටිකක් කියන්න හිතුනා.ඉබ්බගේ ලෝකෙ තරමට වැඩිම ප්‍රසිද්ධ රැපිඩ්ෂෙයාර් වෙන්න ඕනෙ මගෙ හිතේ.රැපිඩ්ෂෙයාර්ලගෙ ඕනෙ කෙනෙක්ට නොමිලේ ෆයිල් ස්ටෝර් කරලා තියන්නත්, එහෙම තියන ඒවා ගන්නත් පුළුවං.නොමිලේ පරිහරණය කරනකොට පොඩි පොඩි කන්ඩිෂන් කීපෙකට යටත්වෙන්න ඕනෙ.ඒවට අකමැති නම් සල්ලි ටිකක් හෙම ගෙවලා කුමාරය වගේ පාවිච්චි කරන්න පුළුවං.ඉබ්බ නං ඉතිං නොමිලෙම තමා වැඩ.සාමාන්‍යයෙන් මෙගාබයිට් 700ක ෆිල්ම් එකක් මෙගාබයිට් 100යේ කෑළි 7ක් විදියට තමා රැපිඩ්ෂෙයාර් එකේ තියෙන්නෙ. එක කෑල්ලක් නොමිලේ බෑවම ඊළඟ කෑල්ල බාන්න විනාඩි 15ක් ඉඳලා තමා ඉඩ දෙන්නෙ.ඒක රැපිඩ්ෂෙයාර්ලා සල්ලි ගෙවන සාමාජිකයෝ ඇති කරගන්න කරපු පොඩි ට්‍රික් එකක්.මෙම්බර්ස්ලට මෙහෙම බලා ඉන්න ඕනෙ නෑ.දඩ බඩ ගාලා ඔක්කොම බාගතෑකි.ඉබ්බට නං එච්චර හදිස්සියක් නෑ.හිමීට නොමිලෙම බානවා.පොකට් එකටත් හොඳයිනෙ.ඒ ඇරත් මේකට කරන්න පුළුවං ට්‍රික් කීපෙකුත් තියනවා.

ඒ ඩී එස් එල්(ADSL) මොඩම් තියන කට්ටියට පුළුවං එක කෑල්ලක් බෑවට පස්සෙ ආයිත් රවුටරේ(router) රී ස්ටාර්ට් කරන්න.එතකොට අළුත් අයි පී(IP) එකක් හම්බුවෙනවා.ඊළඟ කෑල්ල බාන්න ක්ලික් කළාම අළුත් අයි පී එකක් නෙ.ටාර් ගාලා ෆ්‍රී යූසර් කෙනෙක් හැටියට රැපිඩ්ෂෙයාර් ඉඩ දෙනවා.

ඉබ්බ වගේ එච් එස් පී ඒ(HSPA) කනෙක්ෂන් නම් තියෙන්නෙ පොඩ්ඩක් ට්‍රයි කරලා ඕනෙ නම් පොඩි සෙටිංස් ටිකක් වෙනස් කරන විදියක් හොයා ගතෑකි(මෙහෙම කරන්න ෂුවර් නැත්තං ට්‍රයි කරන්න එපා. තියන එකටත් කෙළවුනොත් හෙම ඕවා හදන්න ඉබ්බා එන එකක් යෑ 😛 ).

හරි, මේ හොර වැඩ මුකුත් නොකළා කියමුකො.මෙහෙම කෑළි බාන්න මැෂින් එකේම ජීවත් වෙන්න වෙනවනෙ. ඇයි එකක් බානවා, විනාඩි 15ක් ඉන්නවා, අනික් එක බානවා.මෙහෙම කරන්න පඩියක් ගෙවලා මිනිහෙක් දාන්න වෙයි 😛 . ඒකටත් පොඩි ටූල් එකක් තියනවා.ඔය රැපිඩ්ෂෙයාර් ඔටෝ ඩවුන්ලෝඩර් කියලා ගූගල් එකේ ගහලා බලන්න.එතකොටත් කීපයක් එයි.රැපිඩ්ෂෙයාර් යූ ආර් එල් (ලින්ක්ස්) ටික ඒකට දාලා සටාර්ට් කළාම එයාම ඔටෝ ඔක්කොම කරනවා.බලං ඉන්න ඒවා එයාම හැන්ඩ්ල් කරගන්නවා.ඕනෙ නං වැඩ ඉවරවුනාට පස්සෙ අපේ මැෂිම ඕෆ් කරන්න කියලත් සමහර ටූල් වල සෙට් කරන්න පුළුවං.

මේවා ඔක්කොම වගේ ෆ්‍රී සොෆ්ට්වෙයාර්.අපිටත් වඩා හොඳටම පිස්සු හැදිච්ච මිනිස්සු ඉන්න නිසා හොඳයි 😀 .නැත්තං මේවා ලියලා නිකං දෙයිද? නේද?ලංකාවෙ කට්ටිය නං දෙයි නිකං ඉඳා කියලා.කමක් නෑ.අපිවත් ට්‍රයි කරමුකො දන්න ඉටිගෙඩියක්වත් කාට හරි කියලා දෙන්න. නේද?

මේවගෙ ලිමිටේෂන් එකක් හෝ කීපයක් හෝ ඔක්කොම වගේ අයින් කරපු රැපිඩ්ෂෙයාර්ලගේ තරඟකරුවෝ ඉන්නව.හරියට මීඩියා ෆයර්,මෙගා අප්ලෝඩ් වගේ.අපි හිතමු අපි ඩවුන්ලෝඩ් කරන ෆිල්ම් එක කෑලි 7කට කඩලා මීඩියා ෆයර් එකේ ස්ටෝර් කරලයි තියෙන්නෙ කියලා.එහෙමනම් කිසි කරදරයක් නැතුව කෑළි 7ම එක පාර බාන්න පටං ගන්න පුළුවන්. පැයක් පැය එකහමාරක් යනකොට සම්පූර්ණ ෆිල්ම් එකම බාන්න පුළුවං.ඒත් ඉතිං රැපිඩ්ෂෙයාර් තමා වැඩියම ෆේමස්.ඒක නිසා තාමත් වැඩියම ෆිල්ම් තියෙන්නෙ ඒකෙ.ෆිල්ම් ඉතරක් නෙවේ.අනික් ඕනෑම ජාතියකුත් මේවායේ තියනවා.ටී වී සීරීස්, පොත්, සිංදු ආදී ඔක්කොම තියනවා.

හ්ම්…දැං විස්තර ටිකක් කිවුවනේ. ඉබ්බ ඉතිං මේ ස්ටෝර් කරලා තියන තැං හොයා ගන්නෙ ෆයිල්ස් පම්ප් එකේ සර්ච් බොක්ස් එකේ ෆිල්ම් එකේ නම ගහලා සර්ච් කරලා.එතකොට රිසල්ට්ස් ලිස්ට් එකක් පහළ වැටෙනවා.ඒවයේ පොඩි විස්තර කෑලිත් තියනවා.ඒවා දිහා බලලා අපි හොයන එක තෝර ගන්න පුළුවං.මෙතනදී මීඩියා ෆයර් හරි මෙගා අප්ලෝඩ් හරි ලින්ක්ස් තියනවනම් අපිට වඩාත් වාසියි.ගොඩාක් විට රැපිඩ්ෂෙයාර් ලින්ක් තමා එන්නේ.බලන්න ඒවා ඕපන් කරලා කෑළි ටික 1,2,3… ආදී ලෙස ඔක්කොම පිළිවෙලට තියනවද කියලා.සමහර ඒවායේ කෑළි අඩුයි.සමහර ඒවා ගොඩාක් ලොකුයි.ඔය බ්ලූ රේ ෆෝර්මැට් එකෙං හිටං තියනවා.ඒවා ඉතිං හොඳම කොලිට්ය් වුනාට සාමාන්‍ය කම්පියුටරේ බලන ෆිල්ම් වගේ 16 ගුණයක් ඉතර ලොකුයි. සාමාන්‍යයෙන් avi තමා වැඩියම තියෙන්නෙ. ඊට පස්සෙ mkv,wmv ආදී වශයෙන් තමා බහුලව තියෙන්නෙ.මේ ලිපිය හිතුවට වඩා දිගට ගිය නිසා ඉබ්බ චිත්‍රපටි බලන ටූල් ගැන වෙන ලිපියකිං කියන්නම්.තවත් එකක් තමා සමහර ස්ටෝරේජ් හැදුවට ඒවට ෆයිල් දාලා නෑ.හිස්.ඔය ටිකක් අතපත ගානකොට මේවා ඉබේම හුරු වෙනවා.

මේ කඩලා තියන කෑලි එහෙම කඩලා තියෙන්නෙ ගොඩාක් විට වින්රාර් (වින් ආර් ඒ ආර්,winRAR) වලිං.ඒවා ඔක්කොම බාලා වින්රාර් වලිංම එක්ස්ට්‍රැක්ට් කළාම කෑළි ටික මූට්ටු වෙනවා.වින්රාර් ඉවැලුවේෂන් කොපියකිං වුනත් මේක කරගන්න පුළුවං. ඔය ගූගල් එකේ ගහලා බලලා හොයා ගන්න පුළුවං.තවත් සමහර ෆිල්ම් තියනවා වෙන වෙන ස්ප්ලිටර්ස් වලිං කෑලි වලට කඩලා.ඒ වගේ ඒවා තියන තැං වල ඒ ස්ප්ලිටර් එක හෝ ගැළපෙන කනෙක්ටරුත් ඩවුන්ලෝඩ් කරගන්න පහසුකම් සපයලා තියනවා.ඒවායින් වැඩේ කරගන්න පුළුවං.

ඉබ්බා තවත් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන බ්ලොග් 2ක් තමා පහළ දාලා තියෙන්නෙ.උණු උණු ෆිල්ම් නං එතන අඩුයි.ඒත් මෙගා අප්ලෝඩ් එකේ ෂෙයාර් කරපු ඒවා ගොඩක් එතන තියනවා.

http://themoviescollection.blogspot.com/
http://iloveclassics.blogspot.com/

ඉබ්බ දන්න ටික තමා ඔය.ඕගොල්ලන්ට හෙල්ප් එකක් ඕනෙ නම් හරි අපහැදිලි තැං තියනවනම් හරි ඉබ්බට කියන්න.පුළුපුළුවං විදියට සපෝර්ට් එකක් දෙන්නම්.

Advertisements

Permalink ප්‍රතිචාර 8