සබ්ටයිටල් මස් කිරීම

ජූලි 9, 2010 at 3:13 ප.ව. (පොදු) (, , , , , )

චිත්‍රපටියක් ඩවුන්ලෝඩ් කළාම තියන ප්‍රධාන ප්‍රශ්නයක් තමා (මේවා ඉබ්බට තමා ඉතිං තියෙන්නෙ 🙂 ) සමහර සුද්දො කතා කරන වේගෙට එකපාරම වචන අල්ල ගන්න අමාරුයි.සමහරුංගෙ ඇක්සන්ට් එක නිසාත් මෙහෙම වෙනවා.දෙවෙනි පාර බලන කොට නං ටිකක් ඉතර වැඩියෙං කන්වර්සේෂන් තේරෙන ෆිල්ම් තියනවා.ඒත් ඉතිං හැම ෆිල්ම් එකම දෙපාර දෙපාර බලන්න පුළුවනෑ.නැත්තං නොදන්න භාෂාවක ෆිල්ම් එකක් වුනාමත් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑනෙ(පර්සියන් වගේ වුනොත් දෙයියංගෙම පිහිටයි).

මේකට කරන්න පුළුවන් වැඩ 3ක් තියනවා.

1. සබ්ටයිටල් ෆයිල් එකක් බා ගැනීම

2. විකිපීඩියාවෙ ඒ ෆිල්ම් එකට අදාල පිටුවේ ප්ලොට් එක කියවීම (එතකොට කතාව දන්න නිසා කුතුහලය නැති වෙන්න ඉඩ තියනවා 😦 )

3. නැත්තං තේරුණ කෙනෙක් ගෙං අහ ගැනීම 😛

එකේක භාෂාවෙං ලියපු සබ්ටයිටල් ෆයිල් ඕනෙ තරං තියනවා නෙට් එකේ බා ගන්න. ගූගල් එකේ ෆිල්ම් එකේ නම ගහලා ඉංග්ලිෂ් සබ්ටයිටල් ෆයිල් කියලා ගහලා සර්ච් කළත් ගොඩක් සයිට් එනවා(ෆිල්ම් එක හොයා ගන්න අමාරු නං ඉතිං සබ්ටයිටල් හෙවිල්ලත් අමාරුයි).මේ සබ් ටයිටල් ෆයිල්සුත් එකේක වීඩියෝ වලට හදලා තියනවා. CD, avi, divX, mpeg, wmv, mov වලට ආදී වශයෙන්. ඒත් මේකෙං අදහස් වෙන්නෙ ඒ ෆයිල් එකේ ෆෝර්මැට් එක නෙමෙයි.ඒ ෆයිල් එක මොන වීඩියෝ එකත් එක්කද සින්ක්‍රොනයිස් කරලා තියෙන්නෙ කියලයි ඒ කියලා තියෙන්නෙ. සමහර ඒවා තියනවා for CD 1, for CD 2 කියලා.ඒ කියන්නෙ ඒ ෆිල්ම් එකේ වීඩියෝ ෆයිල් එක සී ඩී එකකිං කොපි කරගෙන තියනවා කියලා තමා බලාපොරොත්තු වෙන්නෙ.අපි ඩී වී ඩී එකකිං හරි ඒ වී අයි තනි වීඩියෝ ෆයිල් එකක් හරි ගත්තොත් සබ්ටයිටල් ෆයිල් එක සින්ක් වෙන්නෙ නෑ.කතා කරලා පැයක් ඉතර ගියාට පස්සෙ හරි කළිං හරි වචන ඩිස්ප්ලේ වෙනවා.මේක ගොඩ දාගන්න විදියක් ගැන තමා ඉබ්බා කියන්න හිතුවේ.

ඔන්න අපි අපේ ගාව තියන ෆිල්ම් එකකට සබ්ටයිටල් ෆයිල් එකක් බා ගත්තා කියමුකො.මේක එඩිට් කරන්න පුළුවං ෆ්‍රී ටූල් එකක් තියනවා ඒජිසබ්(Aegisub) කියලා.අපේ සබ්ටයිටල් ෆයිල් එක මේකෙං ඕපන් කරන්න පුළුවං.වීඩියෝ එකත් එක්ක සින්ක් නැත්තං ටයිම් ඉස්සරහට පස්සට ෂිෆ්ට් කරලා හදා ගන්නත් පුළුවං.ඕනෙනං වීඩියෝ එකත් ලෝඩ් කරලා අමුතුවෙංම සබ්ටයිටල්ස් දාන්නත් පුළුවං.යුනිකෝඩුත් සපෝර්ට් කරනවා.ඉබ්බ ළඟදී සිංහලෙං ෆිල්ම් එකකට සබ්ටයිටල්ස් දැම්මා.ඒ ෆිල්ම් එක ගැනත් ඉදිරි ලිපියකිං කියන්නම්කො.තව සබ්ටයිටල් වලට යොදන්න පුළුවං එකේක features ගොඩක් මේකෙ තියනවා.ඕගොල්ලො ට්‍රයි කරළාම බලන්නකො 🙂 . sub, srt, ssa, ass ඔය වගේ කොයි ෆෝර්මැට් එකට වුනත් සබ්ටයිටල් ෆයිල් හදා ගන්නත් එක ටයිප් එකකිං තව ටයිප් එකකට කන්වර්ට් කරන්නත් මේකට පුළුවං.

ගොඩක් වෙලාවට කොන්තීටරේ ෆිල්ම් බලනවානම් වීඩියෝ ෆයිල් එක තියන තැනම ඒකෙ නමින්ම සබ්ටයිටල් ෆයිල් එකත් දාලා තිබ්බම ප්ලේයරේ ඔටෝ ගන්නවා.නැත්තං මෙනු එකෙං ගිහිං සබ්ටයිටල් ෆයිල් එක ලෝඩ් කරගන්න පුළුවං.භාෂා කීපෙකිං සබ්ටයිටල් දාලා ඩී වී ඩී ප්ලේයර් එකේ ෆිල්ම් බලන විදියට ෆයිල් ප්‍රොසෙස් කරන විදිය ඉබ්බා ඉදිරි ලිපියක ලියන්නයි ඉන්නෙ.මදි පාඩු තියනවනං එකතු කළාට තරහා නෑ 🙂 .ඉබ්බත් ඒවැං ඉගන ගන්නවනෙ.

තිරසබැඳිය ප්‍රතිචාර 8

ෆිල්ම් බලන ටූල්

ජූනි 30, 2010 at 10:32 පෙ.ව. (පොදු) (, , , , , , , , , , , , , , )

ඉබ්බ සියට 99ක්ම පාවිච්චි කරන්නෙ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් තමා.විශේෂ අවශ්‍යතා සඳහා පමණක් යුනික්ස් ලයික් ඕ එස් පාවිච්චි කරනවා.ඉතිං ඉබ්බා කතා කරන සොෆ්ට්වෙයාර් ඔක්කොම එම් එස් වින්ඩෝස් වල දුවන ඒවා.ගොඩක් ඒවගේ ලිනක්ස් වර්ෂන් එකකුත් තියනවා.

ඉබ්බා මෑතක ඉඳලා වැඩියම ෆිල්ම් බලන්න යූස් කරන්නෙ වී එල් සී ප්ලේයර්(VideoLan Player) එක.මේක ජී එන් යූ(ගුනූ-GNU) ෆ්‍රී ලයිසන් එකක් සහිත නොමිලේ පාවිච්චි කරන්න පුළුවං එකක්.ඔය ලයිසන් කතාව ගැන දැනගන්න කැමති කට්ටියට ඕනෙ වෙයි කියලා හිතලා තමා ලිවුවේ.ඉබ්බනං ඉතිං ෆ්‍රී නං එතනිං එහාට හොයන්නෙ නෑ.මොකෝ ඉතිං හෙවුවා කියලා නඩු කියන්නයෑ 😛 .කැමති නං ඉතරක් ගූගල් එකේ ගහලා තව විස්තර හොයා ගන්න.කොහොම හරි මේක පුද්ගලික පාවිච්චිය සඳහා ෆ්‍රී.බොහෝ වෙලාවට මේකෙ ඕනෙ කුණුගොඩක් ප්ලේ වෙනවා.සමහර වීඩියෝ ෆයිල් වල පොඩි පොඩි ආබාධ තියනවා. ඒවත් යම් තාක් දුරකට පාළනය කරගෙන වී එල් සී වැඩ කරනවා. වර්තමානයේ තියන ගොඩක් ප්ලේයර්ස් වගේ මේකෙත් විව්ධ නාද රටා යොදන්න පුළුවං. උදාහරනයක් හැටියට ශබ්ධයේ බේස් වැඩි කරන්න, තීව්‍රතාව වැඩි කරන්න ආදී වශයෙන් පුළුවන්.නැත්තං කළිං සකසන ලද පොප්,රොක්, ක්ලැසික්, වෝකල් ආදී වශයෙන් සවුන්ඩ් සෙටිංස් තියනවා.වීඩියෝ එකත් එක්ක සවුන්ඩ් ට්‍රැක් කීපයක් එනවා නම් අවශ්‍ය ට්‍රැක් එක සිලෙක්ට් කරන්නත් පුළුවං.ඊට අමතරව ඩී වී ඩී එකක් ප්ලේ කළොත් ඒකේ සබ්ටයිට්ල්(උපසිරැසි) සිලෙක්ට් කරන්න පුළුවං.එහෙම නැත්තං අපි ගාව වීඩියෝ ෆයිල් එකකුයි සබ්ටයිට්ල් ෆයිල් එකක් වෙනමයි(external subtitle file) තියනවානම්, සබ්ටයිට්ල් ෆයිල් එක වෙනම ලෝඩ් කරන්නත් පුළුවං.ඊට අමතරව අනික් හැම ප්ලේයරේම වගේ තියන මූලික ෆීචර්ස් මේකෙත් තියනවා.

මේ ළඟදී ඉබ්බට වී එල් සී එකේ පොඩී ලිමිටේෂන් එකක් අහුවුනා. ඉබ්බා ගාව තිබුන සිංහල යුනිකෝඩ් සබ්ටයිට්ල් ෆයිල් එකක් ලෝඩ් කළාම වී එල් සී එක අකුරු වෙනුවට කොටු පෙන්නුවා. හොයනකොට දැනගන්නට ලැබුනා වී එල් සී එක එවැනි යුනිකෝඩ් තවම සපොර්ර්ට් නොකරන වග.ඒත් ඉබ්බා මේ වීඩියෝ ෆයිල් එකයි සබ්ටයිට්ල් ෆයිල් එකයි අමුණලා ඩී වී ඩී එකක් හැදුවට පස්සෙ ඒක වී එල් සී එකෙං ප්ලේ කළාම අගේට සිංහල අකුරු පෙන්නුවා.සබ්ටයිට්ල් ෆයිල් මස් කරන හැටියි, ඕනෙම සාමාන්‍ය ඩී වී ඩී ප්ලේයර් එකක පේන්න ඩී වී ඩී කන්වර්ට් කරන හැටියි ඉබ්බා වෙන ලිපි දෙකකිං කියන්නයි ඉන්නෙ.රෙසලූෂන් රේෂෝ(resolution ratio) එක,ඒ කියන්නෙ ඔය පින්තූර පේන ස්ක්‍රීන් කොටසේ දිග පළල(වීඩියෝ ෆයිල් එකේ රෙසලූෂන්-වර්ග ඒකකයක තියන තිත්, එහෙම නැත්තං පික්සල් ගාන,එහෙම නැත්තං dots per inch, එහෙම නැත්තං dpi-වැඩි කරන්න අමාරුයි.ඒකටත් පොඩි පොඩි ටූල් කෑලි ටිකක් තියනවා. ඒවත් ලිපියකින් කියන්නම්) වෙනස් කරන්නත් පුළුවං.

වී එල් සී ගෙ යුනිකෝඩ් සපෝර්ට් අප්සට් ටිකක් තියනවනෙ.ඒ ප්‍රශ්නෙ විසඳන තවත් ෆ්‍රී, ගොඩක් ෆීචර්ස් තියන ප්ලේයරයක් තමා කේ එම් ප්ලේයර්(KMPlayer).ඒකෙ ඉහත කියලා තියන ෆීචර්ස් වලට අමතරව තව වීඩියෝ කැප්චරිං ෆීචර්ස් කීපෙකුත් තියනවා.බාහිර යුනිකෝඩ් සිංහල ෆයිල් එකක් වුනත් මේක නිවැරදිව කියවනවා.තව වටිනා කියන ෆීචර් එකක් තමා වීඩියෝ එකත් එක්ක සබ්ටයිට්ල්ස් සමාන්තරව යන්නෙ නැත්තං ඒක සිංක්‍රොනයිස්(synchronize)කරන හැකියාවත් මේකට තියනවා.ඒ සඳහා අපි කොන්ෆිගරේෂන් හදන්න ඕනෙ.

මීට අමතරව ජෙට් ඕඩියෝ, වින් ඈම්ප්, මීඩියා ප්ලේයර්, ඩිවු එක්ස් ප්ලේයර්, රියල් ප්ලේයර් ආදී බොහෝ ප්ලේයර්ස් තියනවා.මේවා ඔක්කොම වගේ සල්ලි දීලා ගන්න ඕනෙ, එහෙම නැත්තං ලයිසන් ෆීස් ගෙවන්න ඕනෙ ප්‍රොප්‍රයටරි සොෆ්ට්වෙයාර්.මේවායේත් එකේක අය කැමති අකමැති විවිධ ෆීචර්ස් තියනවා 🙂 .

මේ කොයි ප්ලේයරෙත් හරියට වාහනේක චැසිය වගේ.මදේ තියලා ඕනෙ ඕනෙ විදියට සකසන්න ඕනෙ.උදාහරනයක් හැටියට අපි බයිබලේ ගමු. අපි කියමු ඉංග්‍රීසියෙන් ලියපු බයිබලේ කියලා.ඒක කියවන්න ඉංග්‍රීසි දන්න කෙනෙක් ඕනෙ.අපි කියමු සිංහලෙං ලියපු බයිබලය කියලා.ඒක කියවන්න සිංහල දන්න කෙනෙක් ඕනෙ.එකම බයිබලය තමා.ඒත් ප්‍රයෝජනයට ගන්න තුන්වන පාර්ශවයක් ඕනෙ.වීඩියෝ ෆයිල්සුත් මෙහෙමයි.avi,mpeg,wmv,mkv,vobආදී වශයෙන් තියන වීඩියෝ ෆයිල් හරියට ඉංග්‍රීසි, සිංහල වගේ වෙනස්කම් තියනවා.ඒක නිසා ඒ ඒ ෆයිල් කියවන්න මූලික අවශ්‍යතා තියනවා.සමහර ප්ලේයර්ස් මේ මූලික අවශ්‍යතා සපුරන්න ඕනෙ අඩුම කුඩුම එක්කම එනවා.සමහරු ඔක්කොම එක්ක එන්නෙ නෑ.එහෙම වුනාම හරියට අපි වෙන වෙන භාෂා ඉගන ගෙන ඒ භාෂාවෙං තියන පොත් කියෝනව වගේ ඒ ප්ලේයර්ස් වලට ඕන තුන්වන පාර්ශවයේ හෙල්ප් එක වෙනම දාන්න වෙනවා.මේවා තමා ඔය කොඩෙක්(codec) කොඩෙක් කිය කිය කට්ටිය කියන්නෙ.හරියට අර භාෂා උදාහරනෙ වගේ.

ජර්මන් කාරයෙක් ජර්මන් භාෂාවෙං ඉබ්බගෙං මොනාහරි ඇහුවොත් ඉබ්බට තෙරෙන්නෙ නෑ.ඉබ්බ යනවා ජර්මන් පන්ති.ගිහිං ඉගන ගන්නවා.ලබන අවුරුද්දෙ තව ජර්මන් කාරයෙක් ඉබ්බගෙං ජර්මන් භාෂාවෙං මොනාද අහනවා.මෙන්න බොලේ ඉබ්බ උත්තර දෙනවා 😀 .වීඩියෝ ෆයිල් ප්ලේයර්සුත් එහෙම තමා.යම්කිසි වීඩියෝ ෆයිල් එකක් ප්ලේ කරන්න බෑ කියන ප්ලේයරේම ඊට අවශ්‍ය කොඩෙක් අන්තර්ජාලයෙන් බාලා ඉන්ස්ටෝල් කළාම මෙන්න බොලේ අර බෑ කිවුව වීඩියෝ ෆයිල් එකම අගේට ප්ලේ කරනවා.මෙන්න මෙහෙම ගොඩක් ප්‍රසිද්ද කොඩෙක් එකක් තමා ඩිවු එක්ස්(DivX) කියන්නෙ.ඒක දැම්මම ඔය කොයි කොයි ප්ලේයරෙත් බෑ කියපු ගොඩක් ඒවා ප්ලේ කරනවා 😛 .

මෙන්න මේ හේතුව නිසා තමා අපේ ගෙදර තියන ඩී වී ඩී ප්ලේයරේ නිකං ඕනෙම වීඩියෝ ෆයිල් එකක් ඩී වී ඩී එකක රයිට් කරළා දැම්මට ප්ලේ කරන්නෙ නැත්තෙ.අළුත් අළුත් ප්ලේයර්ස් නං එකේක ජාතියේ වීඩියෝ ෆයිල්, ෆොටෝ එහෙම දඩස් ගාලා පෙන්නනවා.ඒ ඒවට මේ අළුත් කොඩෙක් ජාති දාලා තියන නිසා.ප්ලේයරෙත් ඉතිං පොඩි කම්පියුටර් කෑල්ලක් තමා.ඒකෙත් ඔය ඕනෙ කරන සොෆ්ට්වෙයාර් කෑළි පර්මනන්ට් ඉන්ස්ටෝල් කරලා තියෙන්නෙ.වෙනස තියෙන්නෙ ඒවා වෙනස් කරන්න අපිට බැරි එකයි, ප්ලේයරේ වීඩියෝ, ඕඩියෝ වැඩ ඉතරක් කරන එකයි ඉතරයි.ඉස්සර ඩී වී ඩී ෆිල්ම් හදන්න පටංගත්ත කාලෙ ඉඳලා ප්ලේයර්ස් හදන කොම්පැණි එකඟ වෙච්ච රීති මාලාවක් තියනවා.ඒක එක ෆයිල් ස්ට්‍රක්චර් එකක්.ඒකෙ අනිවාර් යෙං තියෙන්න ඕනෙ ක්‍රමයක් තියනවා.එහෙම තියනවනම් ඔය කොයි කොයි ඩී වී ඩී ප්ලේයරෙත් වීඩියෝ ෆයිල් බෑ නොකියා ප්ලේ කරනවා.එහෙම ඕනෙ ප්ලේයර් එකක ප්ලේ වෙන්න පුළුවං විදියට ඩී වී ඩී එකක් හදලා ඒක රයිට් කරන හැටි ඉබ්බ ඉදිරි ලිපියකිං කියන්න හිතාගෙනයි ඉන්නෙ 🙂 .

කළිං ලිපියට ප්‍රතිචාර හැටියට ඉබ්බට මග ඇරිච්චයි, ඉබ්බ දන්නෙම නැති ජාතියි යාළුවෝ කියලා එවලා තිබ්බා.ඒවට ස්තූතියි. මේකෙත් අඩු වැඩි දාන්න 🙂 .

තිරසබැඳිය ප්‍රතිචාර 3