ඩී වී ඩී ෆිල්ම් බර්න් කිරීම

ජූලි 10, 2010 at 10:29 ප.ව. (පොදු) (, , , , , )

ඉබ්බා අද ලියන්නේ ඩී වී ඩී එකක් රයිට් කර ගන්න පුළුවං විදියක්.එහෙමත් නැත්තං තේරෙන භාෂාවෙං ඩී වී ඩී එකක් බර්න් කරගන්න විදියක්. මේකට ඉතිං අපේ කොන්තීටරේ ඩී වී ඩී බර්නරයක් තියෙන්න ඕනෑ. තියෙන්නෙ කොම්බො ඩ්‍රයිව් එකක් හරි වී සී ඩී බර්නරයක් හරි නං, වී සී ඩී බර්න් කරගන්න ගැටළු තියනවනං කමෙන්ට් එකක් දාන්න. ඉබ්බා හොයලා ලිපියක් දාන්නං 🙂 . ළඟදි නං ඉබ්බා වී සී ඩී එක්ක ඔට්ටු වුනේ නෑ. ඉස්සර නං ටිකක් වැඩි වෙන්න ඔට්ටු වුනා.

ඉබ්බා ඩී වී ඩී බර්න් කරන්නෙ කොයොටේ සොෆ්ට්ලගේ ෆ්‍රී ඇන්ඩ් ඊසි බර්නර්(Free and Easy Burner) සොට්ටෙයාර් එකෙං. මේක මේ ෆ්‍රී අයිටම් එකක්.ඉන්ස්ටෝල් කර ගත්තට පස්සෙ ඕපන් කළාම ඔය පහළ තියනවා වගේ වින්ඩෝ එකක් ඕපන් වෙයි.ඒකෙ උඩම මෙනු එකේ ඩේටා සී ඩී – ඩී වී ඩී, ඩී වී ඩී වීඩියෝ ආදී වශයෙන් සිලෙක්ට් කරන්න පුළුවං.මේක ඕපන් කරලා ඩී වී ඩී එක රොම් එකට දැම්මම මෙයා ඔටෝ ඩිටෙක්ට් කරනවා.ඉබ්බ නං කරන්නෙ රී රයිටබල් ඩී වී ඩී එකක් අරගෙන ඒක ඉරේස් කර කර රයිට් කර කර ෆිල්ම් බලනවා.ඉබ්බා ගාව තියනවා තාම හොඳට දුවන අවුරුදු 4කටත් වඩා පරණ රී රයිටබල් ඩී වී ඩී එකක්.තාම වැඩ.හැබැයි හුවමාරු කර ගන්න ගියොත් නං දෙපාරයි තුං පාරයි.කට්ටිය හූරනවනෙ.විනාසකාර ලෙස බඩු පාවිච්චි කරන වග අනෙක් අයට ඒත්තු යන විදියට හැසිරෙන එකත් සමහරුන්ට ක්‍රෙඩිට් එකක් හැටියට පේනවනෙ 🙂 .අනේ කාළේ වනේ වාසේ කිවුවලු.කොහොම කොහොම හරි කතාව පිට ගියාද මන්දා.රී රයිටබල් එක ඉරේස් කරගන්න පුළුවං ඔය වින්ඩෝ එකේ පහළ හරියට වෙන්න තියන ඩිස්ක් එකයි කතිරෙයි තියන බොත්තම එබුවම.

අපි හිතමු ඔය උඩම මෙනු එකේ ඩී වී ඩී වීඩියෝ කියන බොත්තම එබුවා කියලා.එතකොට ෆෝල්ඩර් 2ක් පෙන්නයි AUDIO_TS සහ VIDEO_TS කියලා. ඒකෙ VIDEO_TS ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න.ඊට පස්සෙ යන්න අර කලිං ලිපියේ කියපු විදියට හදා ගත්ත ලෝකල් මැෂිමෙ තියන ඩී වී ඩී එකට.එතනත් මේ ෆෝල්ඩර් 2කම ඇති.එතනත් VIDEO_TS ඩබල් ක්ලික් කරලා ඒක ඇතුලෙ තියන ෆයිල් ටික ඇදලා දාන්න අපේ ටූල් එකේ ලෑස්ති කරපු තැනට(ඔක්කොම වොබ්, අයි එෆ් ඕ ආදී ෆයිල් දාන්න).දැං හරි.ඊට පස්සෙ ඔය වම් පැත්තෙ ඇති ඇක්ෂන් කියලා මෙනු එකක්.ඒකෙ බර්න් ඔබන්න.තව සෙටිංස් වගයක් අහයි.ඕගොල්ලො ඩිස්ක් එකට දාන නමක් එහෙම දීලා ආයිත් බර්න් ඔබන්න.ටිකක් අත පත ගාන කොට ඔය වැඩ කෑලි ටික අහුලගතෑකි.දැං ඉතිං රයිට් වෙලා ඉවර වුනාම එක්කො ඩිස්ක් එක එලියට දායි. නැත්තං මැසේජ් එකක් පෙන්නයි.ට්‍රයි කරළම බලන්නකො 🙂 .දැං ඉතිං මේක 99%ක්ම ප්ලේයර් වල පේන්න ඕනෙ.

ඉබ්බටනං රී රයිටබල් ඩී වී ඩී පාවිච්චි කරන එක තමා ලාභ.පර්මනන්ට්  ලිවුවම ආයිත් ඉතිං වැඩක් නෑනෙ.ඊටත් ෆිල්ම්.වැරදුනත් හිතට දුක නෑ.ඉරේස් කළා ආයිත් ගැහුවා.බැකප් දාන්න නං පර්මනන්ට් හොඳයි.පර්මනන්ට් එකක් රුපියල් 90 නං රී රයිටබල් එකක් රුපියල් 180ක් හරි 200ක් හරි වෙයි. ඉබ්බා නං සාමාන්‍යයෙං පාවිච්චි කරන්නෙ ඉමේෂන් හරි සෝනි හරි තමා ඉතිං.ලාභ බඩු වල හිලක් තියනවනෙ.හැබැයි ඉති ලාභ ගණං කොයි ඩී වී ඩී එකෙත් හිලක් තියනවා.නැත්තං ඒක කරකවන්න බැරි වෙනවනෙ.හිහ්… 😛 බලන්නකො ඒකෙත් හැටි.

Advertisements

Permalink ප්‍රතිචාරයක් ලබාදෙන්න